ජංගම කාලීන උපකරණ හදමු
- 2018-08-22 13:14:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහන් බාලදක්ෂ කඳවුරක දිවි ගෙවන බාලදක්ෂයෝ තම එදිනෙදා කටයුතු පහසු කරගැනීම උදෙසා කාලීන උපකරණ නිර්මාණය කරති. බොහෝ කාලීන උපකරණ පොළොවේ හාරන වළවල් තුළ ගිල්වා ස්ථාවර කරගනිති. එහෙත් වළවල් හැරීමට නොහැකි භූමියක කඳවුරැ බැඳීමට සිදුවූ විටක එම අභියෝගය ජයගන්නේ කෙසේදැයි බාලදක්ෂයින් දැනුම්වත් විය යුතුය. එවැනි අවස්ථාවක &ජංගම කාලීන උපකරණ* නිර්මාණය කළ හැකිය. ඒවා කඳවුරැ භූමියේ ඕනෑම තැනකට ක්ෂණිකව රුගෙන යා හැක.
බරින් අඩු වුවත් ආකෘතියෙහි ඇති හැඩය අනුව ශක්තිමත් භාවය රුඳී ඇත. මෙහි දක්වා ඇති කොඩි කණු, කඳවුරැ කරත්තය, වඳුරැ පාලම, මුර අට්ටාල, සීසෝව, ලී අශ්වයා, පුටු සහ මේසය හොඳින් නිරීක්ෂණය කරන්න. මෙහි දැක්වෙන සියලු නිර්මාණ ඉදිකර ඇත්තේ මධ්‍යම ප්‍රමාණයේ උණගස්වලින්ය. බාලදක්ෂ යෂ්ටියක විෂ්කම්භය ඇති හොඳින් මේරෑ උණගස් යොදා ගත යුතුය. දුර්වල උණගස් ආකෘතියේ කිසිදු ස්ථානයකට නොයෙදිය යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments