Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජල රොකට්ටුව අහසට

  • 2018-11-11 11:13:47
  • 0 Comments

දියගම මහින්ද රාජපක්ෂ විදුහලේ බාලදක්ෂයන් තිදෙනෙක් ජල රොකට්ටුවක් නිර්මාණය කළහ. 
මේ ක්‍රියාකාරකම කරන එක හරිම ලේසියි. ඉවත දැමූ මෙගා බෝතල් දෙකක්, ගම් ටේප් එකක්. බයිසිකල් පොම්පයක් සහ වතුර බට කීපයක් මීට අවශ්‍යය.

රොකට්ටුව හදන්න
මෙගා බෝතලයක් දෙකට කපා එම කොටස් දෙක ඉතිරි වූ මෙගා බෝතලයේ දෙපස අලවන්න. ඇලවීමට සුදුසු ගම් වර්ගයක් හෝ ගම් ටේප් ඒ සඳහා භාවිත කළ හැකි ය.
“H” බට ආකෘතිය හදන්න
ඉංග්‍රීසි H අකුරේ හැඩයට රෑපයෙන් දැක්වෙන පරිදි වතුර බට සන්ධි කළ යුතුය. එහි කොනක හුළං පිරවීමට වෑල් කරක් සවි කළ යුතු ය. එය ඉවත දැමූ බයිසිකල් ටියුබයකින් කපා වතුර බටය තුළ සවි කළ යුතු ය. H ආකෘතිය මැද සිරස් අතට සවි කළ වතුර බටයේ උස අඩි එකහමාරක් විය යුතු ය. 
රොකට්ටුව වතුර බටය මත රඳවන්න
සකස් කරගත් රොකට්ටුවේ උසින් තු‍ෙනන් එකක් ජලය පුරවා H අකුර හැඩැති වතුර බට ආකෘතියේ සිරස් අතට සවි කළ වතුර බටය මත රුඳවිය යුතු ය.
හුළං ගැසීම ආරම්භ කරන්න
ඉන් පසු.. පොම්පය වෑල් කරට සවි කර හුළං ගැසීම ආරම්භ කළ යුතු ය. බාලදක්ෂයක් රොකට්ටුව තදින් අල්ලාගෙන සිටිය යුතුය. එහෙත් මඳ වේලාවකට පසු රොකට්ටුව අල්ලාගෙන සිටීම හොඳ නැත. තවත් සුළු මොහොතකින් රොකට්ටුව ගුවන්ගත වන බැවිනි.

බාලදක්ෂ නිමල් - දෙනුක ඇතුළු මිතුරන් පසුගිය දා ගුවන්ගත කළ රොකට්ටුව නිර්මාණය කරන ආකාරයත්. එය අත්හදා බලන ආකාරයත් නැරඹීමට, ඔබ කැමති නම්. විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාලිකාවට පිවිසිය හැකි ය.

සැ. යු - බාලදක්ෂ ඔබේ නිර්මාණය පිළිබඳ තොරතුරැ wijeyascotpage@gmail.com වෙත ඊමේල් පණිවිඩයකින් යොමු කළ යුතු ය.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.