ජාතික කබෝරි ඉතිහාසය
- 2019-03-21 20:59:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂ කණ්ඩායමක් මුල් වරට ආරම්භ කළේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයයි. 1916 දී ආරම්භ කළ එම පෝතක බාලදක්ෂ කණ්ඩායම වර්තමානය වන විට පෝතක බාලදක්ෂයින් දහසකින් යුතු ශක්තිමත් කණ්ඩායමක් බවට පත්ව ඇත.
පෝතක බාලදක්ෂ කණ්ඩායම් වර්තමානය වන විට සෑම පාසලකම ස්ථාපිත කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින පෝතක බාලදක්ෂයින්ගේ සමස්ත එකතුව ලක්ෂයකි.
අලුත් නමක් දෙයි
හැත්තෑව දශකයේ මුල් භාගයේ පෝතක බාලදක්ෂ අංශය භාර සහය ප්‍රධාන කොමසාරිස් වරයා වූයේ රත්නම් ඒබ්‍රහම් මහතායි. පෝතක බාලදක්ෂයින් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් නිර්මාණය කිරීම එතුමාගේ අරමුණ විය.
එම වැඩසටහන බාලදක්ෂ ජම්බෝරි වලට නොදෙවෙනි ආකාරයෙන් සකස් විය. ජාතික පෝතක කබෝරිය යනුවෙන් එය නම් කෙරිණ. එයට පෝතක බාලදක්ෂයින් දහස් ගණනකට සහභාගි වීමට හැකි විය.
පෝතක බාලදක්ෂයින් වෙනුවෙන් සැලසුම් කළ සුවිශේෂ ක්‍රියාකාරකම්, අති දැවැන්ත රතු මල වැඩසටහන, රුඟුම් ගැයුම් වැයුම් සහිත ප්‍රාසංගික එළිමහන් ප්‍රසංග ආදියෙන් ජාතික කබෝරිය පෝෂණය විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික කබෝරිය

ශ්‍රී ලංකාවේ පවත්වන ලද ප්‍රථම ජාතික කබෝරිය 1975 මාර්තු 14 සිට 16 දක්වා ගාල්ල නගර සභා පිට්ටනියේ දී පැවැත් විණ. එයට පෝතක බාලදක්ෂයෝ දෙදහසක් පමණ සහභාගී වූහ. එහි පැමිණි පෝතක බාලදක්ෂයෝ පැරණි ලන්දේසි කොටු පවුර, ධර්මපාල උද්‍යානය, සමනල පාලම, ගාලු වරාය, රෑමස්සල කන්ද යන තැන්වලට නිරීක්ෂණ චාරිකා ගියහ.
එවකට ප්‍රධාන කොමසාරිස් සී.එම්.පී.වනිගතුංග, එවකට ගාල්ල දිසා සංගමයේ දිසා කොමසාරිස් පී.එස්.ආර්.රාජවසම් හා ඒ.ඒ.ආරියපාල මහත්වරැ ජාතික කබෝරියෙහි ප්‍රධාන සංවිධායකයන් ලෙස කටයුතු කළහ.
දෙවැනි ජාතික කබෝරිය

පෝතක බාලදක්ෂ සහය ප්‍රධාන කොමසාරිස් ආර්.ශ්‍රී.ක්‍රිෂ්ණරාජා මහතා දෙවැනි ජාතික කබෝරියේ කබෝරි සංවිධායක කොමසාරිස් ලෙස කටයුතු කළේය.
එවකට ප්‍රධාන කොමසාරිස් ටී.සෙනවිරත්න, ඒ.ඒ.ආරියපාල සහ ජෙරල්ඩ් කුරේ මහත්වරැ කබෝරි උපදේශකවරැන් වශයෙන් කටයුතු කළහ. කබෝරි ප්‍රදර්ශන, රතුමල වැඩසටහන, එළිමහන් සංදර්ශනය හා රාජකීය විද්‍යාලයීය එළිමහන් රඟහලේ පැවති අධ්‍යාත්මික වැඩසටහනට බාලදක්ෂයෝ උනන්දුවෙන් සහභාගී වූහ.
එවකට අගමැති රණසිංහ ප්‍රේමදාස සහ හේමා ප්‍රේමදාස මැතිණිය කබෝරිය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම ද සුවිශේෂ සිදුවීමක් විය. මෙම ජාතික කබෝරිය කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා භූමියේ 1984 සැප්තැම්බර් මස 21 සිට 23 දක්වා පැවැත්විණ.
තුන්වැනි ජාතික කබෝරිය

තුන්වැනි ජාතික කබෝරියේ කබෝරි නායකයා ලෙස නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් රෙක්ස් ජයසිංහ මහතා කටයුතු කළේය. පුහුණු කිරීමේ නායක එන්.එස්.ද සිල්වා කබෝරි සංවිධායක කොමසාරිස් විය. මෙයට පෝතක බාලදක්ෂයෝ 3866 දෙනෙක් සහභාගී වූහ.
හතරවැනි ජාතික කබෝරිය

හතර වැනි ජාතික කබෝරිය කළුතර විද්‍යාලයේ දී 1993 සැප්තැම්බර් 24 සිට 26 දක්වා පැවැත්විණි. එවකට ප්‍රධාන කොමසාරිස් ලෙස ජේ.ලයනල් මහතාත් කබෝරි සංවිධායිකා ලෙස මල්ලිකා ගුණරත්න මහත්මියත් කටයුතු කළහ.
නව ලොවකට පියමං තබමු කබෝරියේ තේමාව විය. පෝතක බාලදක්ෂයෝ 2787 ක් කඳවුරැ බැඳිණි.
පස්වැනි ජාතික කබෝරිය

පස්වැනි ජාතික කබෝරියේ තේමා පාඨය වූයේ &දිරිය දරැවෝ වෙමු* යන්නයි. 1995 ඔක්කෝබර් 21 සිට 23 දක්වා වත්තල ජා ඇළ බාලදක්ෂ දිසාවේ සත්කාරකත්වයෙන් සාන්ත අන්තෝනි විදුහලේ දී මෙම කබෝරිය පැවැත්විණි.
හයවැනි ජාතික කබෝරිය

මීගමුව දිසාවේ මාරිස්ටෙලා විදුහලේ දී හයවැනි ජාතික කබෝරිය 2000 අප්‍රේල් 28 සිට 30 දක්වා පැවැත්විණ. නව සහස්‍රයට සාම දූතයෝ කබෝරි තේමාව විය. තෝරා ගනු ලැබුවේ කබෝරි නායක කේ.එච්.කැමිලස් ප්‍රනාන්දු සහ මල්ලිකා ගුණරත්න කබෝරි යන සංවිධායක උපදේශකවරැන් විසිණි.
හත්වැනි ජාතික කබෝරිය

ජාතික කබෝරියක් සඳහා අඩුවෙන්ම පෝතක බාලදක්ෂයන් සහභාගි වූ කබෝරිය ලෙස මෙම කබෝරිය ඉතිහාසයට එක්විය. දිසා සංගම් 22 කින් පෝතක බාලදක්ෂයෝ හයසියයක් ඒ සඳහා සහභාගි වූහ. මහනුවර බෝගම්බර පිටියේ පැවැත්වූ ජාතික කබෝරිය 2005 සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 2 දක්වා පැවැත්විණ.
අටවැනි ජාතික කබෝරිය

එතෙක් පැවති ජාතික කබෝරි සඳහා වැඩියෙන්ම පෝතක බාලදක්ෂයින් පිරිසක් සහභාගි වූයේ අටවෙනි ජාතික ජම්බෝරිය වීම ඓතිහාසික සිදුවීමකි.
හත්දහසක් කඳවුරැ බැඳි ජාතික කබෝරිය සැලසුම් කරන ලද්දේ එවකට සහය ප්‍රධාන කොමසාරිස් ගීතා පෙරේරා මහත්මියගේ උපදෙස් අනුවයි.
සත්කාරක බදුල්ල දිසා සංගමයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් දී ජාතික කබෝරිය වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවැත්විය.
නවවැනි ජාතික කබෝරිය

නවවැනි ජාතික කබෝරිය 2010 දෙසැම්බර් 27 සිට 29 දක්වා ලුනම දුටුගැමුණු මහ විදුහලේ පැවැත්විණ. අපි අනාගතයයි කබෝරියේ තේමාව විය. කබෝරි නායක ලෙස සී.බටුවන්ගල මහතා කටයුතු කළේය.
දසවැනි ජාතික කබෝරිය

දසවැනි ජාතික ජම්බෝරිය වත්තල ජාඇල දිසාවේ සාන්ත අන්තෝනි විද්‍යාලයේ දී පැවැත්විය. එම කබෝරිය ද සහය ප්‍රධාන කොමසාරිස් ගීතා පෙරේරා මහත්මියගේ උපදෙස් පරිදි සැලසුම් කරන ලදී.
එකොළොස් වැනි ජාතික කබෝරිය

ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 100 ක් ගතවීමට සමගාමීව එකොළොස් වෙනි ජාතික කබෝරිය සංවිධානය කෙරිණ.
2016 මැයි මස 13 සිට 15 දක්වා ජාතික කබෝරිය ගාල්ලේ රිච්මන්ඩ් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැත්විණ.
සැ . යු.
ගම්පහ දිසා බාලදක්ෂ සංගමයේ පවත්වන දොළොස්වැනි ජාතික කබෝරියට ආලෝකයක් එක්කිරීම වෙනුවෙන් මෙම වකවානුව තුළ මුද්‍රණය වන මෙම විජය බාලදක්ෂ කඳවුර විශේෂාංගය පෝතක බාලදක්ෂ ලොග් සටහන් පොතට එකතු කළ හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments