Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙම ජුනි මස 22 වැනිදා ඇරඹුණු බාලදක්ෂ ජාතික සේවා හා මහජන සබඳතා සතිය දැන් පැවැත්වේ.එය ජූලි 1 වැනිදා අවසන්වේ. මේ දින වල නිල ඇඳුමින් සැරසුණු බාලදක්ෂයින් ඔබගේ නිවෙස් වෙත පැමිණෙනු ඇත. වසර 68 ක් තරම් ඉතිහාසයක් ඇති ජාතික වැඩ සතිය හෙවත් ජාතික සේවා හා මහජන සම්බන්ධතා සතිය ගැනයි. 

ශ්‍රී ලංකාවේ සේවා සතියට වසර 68 යි
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය අරඹන්නේ වර්ෂයේ දීය. දින හතක් පුරා පැවති එම සේවා සතිය &රැපියලේ වැඩ සතිය* ලෙස නම්කර ඇත. ප්‍රධාන කොමසාරිස් සී.පී.ජයවර්ධන මහතාගේ වකවානුව තුළ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ජාතික වැඩ සතියට ලෝක මට්ටමේ පිළිගැනීමක් ඇත.
සේවා සතියේ ඉතිහාසය
ලෝක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර හයකින් පසු වැඩ දිනයක් පවත්වා ඒ සඳහා මුදල් එකතු කිරීමට අවසර ලැබුණි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අවසරය එංගලන්ත බාලදක්ෂයින්ට ලැබුණේ 1914 මැයි 2 වෙනිදාය. ලෝක බාලදක්ෂ ව්‍යාපාරය තුළ  පළමුවතාවට බාලදක්ෂයින් විසින් මුදල් උපයන ලද්දේ එදිනය. ඒ සඳහා පාදක වූ හේතුවක් ඇත. එවකට &Scouting For Boys* කෘතියේ ප්‍රකාශකයා වූයේ ආතර් පියර්සන් මහතාය. ජීවිතයේ අග භාගයේදී ඇස් නොපෙනී අන්ධ භාවයට පත්විය. ඔහු ලොව පුරා අන්ධ ජනතාව වෙනුවෙන් සුවිසල් සේවාවක් කළේය. ඒ සඳහා අවැසි අරමුදලක් ගොඩනගා දීමට ලෝක බාලදක්ෂයින්ගේ අවධානය යොමු විය. එකල &ලෝක බාලදක්ෂ සඟරාවේ* කර්තෘ හේඩ්න් ඩිමොක් මහතාගේ යෝජනාවක් පරිදි බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අවසරය ඇතිව &වැඩ දිනයක්* නම් කර බාලදක්ෂයින් ඒ වෙනුවෙන් මහන්සි වී වැඩකර මුදල් රුස් කිරීමට යෝජනා කෙරිණ. අන්ධ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් &අරමුදලක් ගොඩනැගීම* උදෙසා බාලදක්ෂයින් තම ශ්‍රමය කැපකරන ලද්දේ ඒ අයුරින්ය. වර්ෂ 1914 මැයි මස 2 වෙනි දින සිදුකළ එම අරමුදල් එකතු කිරීමේ වැඩසටහන අතිශය සාර්ථකත්වයට පත්වූයේ බාලදක්ෂ ඉතිහාසයට නව ප්‍රවෘත්තියක් එක් කරවමින්ය. 
මුදල් එකතු කළ දෙවැනි අවස්ථාව 
මෙය නම්කර ඇත්තේ &Bob a job* යන නමින්ය. ප්‍රථමවර මුදල් එකතු කිරීමෙන් පසු වසර 30 කට පසු 1944 මැයි මස 20 වෙනි දිනය මේ සඳහා යොදාගෙන තිබුණි. එයට ද හේතුවක් තිබුණි. දෙවෙනි ලෝක යුද්ධයෙන් අසරණ වූ අහිංසක මිනිසුන් උදෙසා සහන සේවා සැපයීම එහි අරමුණ විය. එම අරමුදල &සරණ සේවා අරමුදල* ලෙස නම් කළේය. එකල එංගලන්තයේ ව්‍යවහාරික මුදල් ඒකකය &BOB* විය. එම නිසාම එක් බාලදක්ෂයකු බොබ් එකක් වත් රුස්කළ යුතු විය. බොබ් එකක වටිනාකම ශ්‍රී ලංකාවේ භාවිත කළ ව්‍යවහාරික මුදලින් &සිලිම්* එකක් බව සඳහන් වෙයි. මේ ආකාරයට ලෝක බාලදක්ෂයෝ දෙවෙනි වරටත් සංවිධාන කළ මුදල් රුස් කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කරගත්තෝය.
මුදල් එකතු කළ තුන්වැනි අවස්ථාව
&Bob a job week* සංකල්පය බාලදක්ෂයින් වෙත හඳුන්වාදෙන ලදී. ලෝකයේ සියලුම බාලදක්ෂයෝ සතියක් තම ශ්‍රමය පරිත්‍යාග කරමින් අරමුදල් සම්පාදනය කළෝය. ඒ සඳහා වසරකට සතියක කාලයක් තෝරා ගත්තෝය. 1949 අප්‍රේල් 18 වෙනි දින සිට Bob a job week ආරම්භ විය. බාලදක්ෂයකු විසින් උපයන ලද පළමු &සිලිම* ලෝක සරණ සේවා අරමුදලට පරිත්‍යාග විය. ඉතිරි මුදල් අදාළ රටවල ජාතික බාලදක්ෂ සංගමය, දිසා බාලදක්ෂ සංගමය හා බාලදක්ෂ කණ්ඩායම් වෙතට බැර විය. මෙහි තිබූ විශේෂත්වය වූයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සිට ඉන් පහළට සිටින පෝතක බාලදක්ෂයා දක්වා තරාතිරමකම බාලදක්ෂයින් මේ සඳහා සක්‍රීයව දායක වීම අනිවාර්ය වීමය. එහෙත් ලංකාවේ බාලදක්ෂයෝ එම වැඩසටහනට දායකත්වය ලබා දීමෙන් වැළකුණාහ.
වැඩ සතිය ලංකාවට රුගෙන ඒම
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බාලදක්ෂ වැඩ සතියක් පවත්වන ලද්දේ 1950 වර්ෂයේ දීය. ඒ සඳහා පූර්ණ අනුමැතිය ප්‍රධාන කොමසාරිස් සී. පී. ජයවර්ධන මහතාගෙන් ලැබුණි. එම වැඩසටහන &රැපියලේ වැඩ සතිය* ලෙස නම් කළේය. සෑම බාලදක්ෂයකුම &රැපියලක්*වත් එකතු කර අරමුදලට දායකත්වය ලබා දිය යුතුව තිබුණි. 
ජාතික වැඩ සතියේ නම වෙනස් කිරිම
&ජාතික වැඩසතිය* ලෙසින් හැඳින්වූ අරමුදල් රුස් කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන කොමසාරිස් සී.බටුවන්ගල මහතාගේ වකවානුව තුළදී &ජාතික සේවා හා මහජන සම්බන්ධතා සතිය* ලෙස වෙනස් කරන ලදී. සතියකට සීමා නොකළ දින දහයක් ක්‍රියාත්මක කළ ජාතික සේවා සතිය මෙවරද සංවිධානය කරනු ලබන්නේ මහත් වූ අභිමානයෙන් යුක්තවය‍.
2018 සේවා සතියේ අරමුණු
2018 ජාතික සේවා හා මහජන සබඳතා සතිය වෙනුවෙන් නිකුත් කළ චක්‍රලේඛනය තුළ මෙසේ දක්වා ඇත. 
&කාණ්ඩ වශයෙන් සංවිධාන වී කිසියම් කාර්යයක් සාර්ථකව නිමාකර දී ඒ සඳහා අභිමානයෙන් යුතුව මුදලක් උපයා ගන්නා ක්‍රමවේදයක් වන අතර මුදල් ලබා ගැනීමට පෙර කිසියම් කාර්යයක් සාර්ථකව නිමා කරදීම අනිවාර්ය වේ.*
සම්පූර්ණ නිල ඇඳුමින් යුතුව ජාතික සේවා සතියට සහභාගි විය යුතුය. බාලදක්ෂ හැඳුනුම්පත මගින් අනන්‍යතාව තහවුරැ කළ යුතුය. එමෙන්ම අවම වශයෙන් හතර දෙනෙකුගෙන් යුත් කාණ්ඩයක්, උප කාණ්ඩයක්, පර්ෂදයක්, හයක් වශයෙන් කාර්යයන්හි නිරතවිය යුතු අතර සෑම කුඩා ඒකකයකටම &ජාතික බාලදක්ෂ මූලස්ථානය නිකුත් කළ කාර්ය කාඩ් පතක්* තිබීම අනිවාර්ය කොට ඇත. පත්‍රිකා පොත්වලට මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇත.

දිස්ත්‍රික් සීමාවේ රුඳී සිටිය යුතුය
බාලදක්ෂයින් තම දිස්ත්‍රික්කයට අයත් බල ප්‍රදේශයේ පමණක් කාර්යයන්හි නිරත විය යුතුය. අදාළ දිසා කොමසාරිස්වරයාගේ නිසි අවසරයක් නොමැතිව වෙනත් පිට දිස්ත්‍රික්කවල කාර්යයන්හි නියැළී මුදල් එකතු කිරීම තහනම් කොට ඇත.
නියාමනයට ඔබගේ සහයෝගය අත්‍යවශ්‍යයි
2018 ජාතික සේවා සතියේ ජාතික සංවිධායක ලෙස සහාය ප්‍රධාන කොමසාරිස් ශ්‍රීලත් ද සිල්වා මහතා පත්කර ඇත. ජාතික සේවා සතිය පිළිබඳ වැඩිදුර තොරතුරැ ඔබට දැනගැනීමට අවශ්‍ය නම් කාර්යාල වේලාවන් හිදී 0112433131 දුරකථන අංකයෙන් ජාතික බාලදක්ෂ මූලස්ථානය ඇමතිය හැකිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.