ජෙරල්ඩ් සර් (බී.පී.ගෙන් ඉගෙන ගනිමු)
- 2019-02-22 17:04:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාලදක්ෂ ව්‍යාපාරය ලෝකයට හඳුන්වා දුන් බේඩ්න් පවෙල් සාමිතුමා ළමයා යනු මිනිස් වර්ගයාගේ අනාගතය බව ගැඹුරින් වටහා ගත්තකි. එබැවින් රටක සමාජයක සුබවාදී අනාගතය රඳා පවතින්නේ ළමයින් මතය. එම නිසා ළමයා ආරක්ෂා කළ යුතුව ඇත.
සමාජයට හිතකර ළමයකු නිර්මාණය කිරීම සමාජ මෙහෙවරක් බව බේඩ්න් පවෙල් සාමිතුමා කල්පනා කළේය. එබැවින් ඔහු එකතු කරගත් දැනුම ක්‍රමානුකූලව පිළිවෙලකට පොතක ලීවේය. එහි ඇති බොහෝ කරැණු කාරණා බේඩ්න් පවෙල් සාමිතුමන් සමාජය තුළ ජීවත්වීමෙන් ලබාගත් දැනුමය.
බී.පී. ඉගෙන ගත්තේ සොබාදහමින්ය. එළිමහනේ දිවි ගෙවන ළමයා එකතු කරගන්නා වූ දැනුමින් පිරිපුන් මිනිසකු බිහිකරන බව කල්පනා කළේය. එබැවින් වර්තමානයේ දිවි ගෙවන බාලදක්ෂ ඔබ හැකිතාක් සොබාදහමට, එළිමහන් දිවියට, කඳවුරැ බැඳීමට ප්‍රිය කළ යුතුය. සමාජයට හිතකර තැනැත්තකු ලෙස හැදීවැඩීමේ වගකීම සෑම ළමයකුටම ඇත. එය තේරැම් ගනිමින් සුන්දර ළමා කාලය ගෙවිය යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments