දැව ආශ්‍රිත ක්‍රීඩා ඉතිහාසය
- 2018-08-22 12:55:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැව ආශ්‍රිත ක්‍රීඩා ලෝකයට හඳුන්වා දෙනු ලැබුවේ 1985 වර්ෂයේ දී ඇමරිකාවේ විස්කොන්සින් හිදීය. මෙවැනි තරගයක් සංවිධාන කරන ලද්දේ ආරක්ෂාකාරීව පොරව සහ කියත භාවිත කිරීමට මිනිසුන්ට මග පෙන්වීමේ අදහසින්ය. එමෙන්ම ඉවත දමන වියළී ගිය ශාක කොටස් පිලිස්සීමෙන් මිනිසාට ප්‍රයෝජනයට ගත හැකි ආකාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්ය. දැව ආශ්‍රිත ක්‍රීඩා වෙත ඇති ආකර්ෂණීය බව නිසාම 2013 වර්ෂයේ දී කාන්තා දැව ආශ්‍රිත ක්‍රීඩා අංශය ද ආරම්භ කරන ලදී.
දැව ආශ්‍රිත ක්‍රීඩා
ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමු
දැව ආශ්‍රිත ක්‍රීඩා තරග ශ්‍රී ලංකාවේ මෙතෙක් පවත්වා නැත. එබැවින් ඒ තුළ නැවුම් අත්දැකීමක් ඇත. බාලදක්ෂ පොරව සහ කියත ප්‍රයෝජනයට ගනිමින් පවත්වන ශ්‍රී ලංකාවේ ප්‍රථම දැව ආශ්‍රිත ක්‍රීඩා සංදර්ශනය බාලදක්ෂ ඔබට සංවිධාන කළ හැක. ඔබ සහභාගි වන දිසා බාලදක්ෂ කඳවුර ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ජාතික මානවක බාලදක්ෂ සමුළු ආදියෙහි උත්සවශ්‍රීයෙන් යුත් හෝරා කිහිපයක් මේ සඳහා යොදා ගැනීමට අපි ඔබට ආරාධනා කර සිටිමු.
දැව ආශ්‍රිත ක්‍රීඩාවේ
ලෝක
වාර්තා
දැව ආශ්‍රිත ක්‍රීඩා තරග හඳුන්වා දුන් 1985 වසරේ සිටම දර පැළීමෙන් දර ඉරීමේත් ලෝක ශූරයෝ බිහිවූහ. ඇමරිකාවේ මිකී සුලෙයිවන්, මෙල් ලෙන්තස්, රෝලීන් එස්ලින්ගර් නොනවත්වා වසර 10 ක්ම දැව ආශ්‍රිත ක්‍රීඩාවන් කෙරෙහි තම ආධිපත්‍ය එක ලෙස පැතිරවූහ. එහෙත් 1996 වර්ෂයෙන් පසු තත්ත්වය වෙනස් විය. ඩේවිඩ් බ්ලොස්ටඩ් විසින් දැව ආශ්‍රිත ක්‍රීඩාවේ ප්‍රථම ලෝක වාර්තාව තැබීය. කොටය මත හිටගනිමින් කෙටීමේ තරග අංශයෙන් තත්පර 12.28 කදී අගල් 13 ක විෂ්කම්භයක කොටයක් වෙන් කරමින් තැබූ ලෝක වාර්තාව ඓතිහාසික සිදුවීමක්ය. ඉන්පසු 2017 වසර දක්වාම දැව ආශ්‍රිත ක්‍රීඩාවන් හි ලෝක වාර්තා තැබූ ඩේවිඩ් බ්ලාස්ටඩ් සහ ජේසන් වින්යාඩ් ජාත්‍යන්තර තරග පිටියේ දස්කම් දැක්වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments