නත්තල් ගස බාලදක්ෂ ක්රමයට සරසමු
- 2018-12-20 23:28:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිතුනු බාලදක්ෂ ඔබට නිවසේ ඉදිකරන නත්තල් ගසේ මෙවැනි දේ සකසා එල්ලා තැබිය හැකිය. ඒ සඳහා කළ යුත්තේ මෙහි දැක්වෙන හැඩතල කිහිපය සකස් කර ගැනීමයි.
පිනි මුවා

ඉවත දමන කොළපාට කඩදාසි සහ කාඩ්බෝඩ් කැබලි කිහිපයකින් පිනිමුවාගේ මුහුණට සමාන හැඩ කිහිපයක් කපා නත්තල් ගසේ එල්ලන්න.
හිම බබා

පාට පාට කාඩ්බෝඩ් පටි කිහිපයකින් හිම බබා සකස් කළ හැකිය. හිම බබාගේ තොප්පිය මත ගැට ගැසූ නූල නත්තල් ගසේ රුඳවිය යුතුය.
නත්තල් සීයාගේ බඳපටිය

නත්තල් සීයාගේ ඉණපටියේ ඉදිරිපස හැඩය කාඩ්බෝඩ් කැබැල්ලක මෙසේ එල්ලා තැබිය හැකිය.
කාඩ්බෝඩ් පටි හැඩතල

පාවිච්චි කර ඉවත දමන කඩදාසි කෝප්ප කිහිපයක් දෙකට කපා ගත යුතුය. ඉන්පසු කොළ පාට තීන්ත, ගල්වා ඒ මතට සිල්ව හෝ රන් කූඩු ඉසිය යුතුය. ඒවා වෙළඳ පළින් පහසු මිලට ලබා ගත හැකිය. ඔබ කැමති නම් පාට පාට බොත්තම් කිහිපයක් කෝප්ප මත ඇලවීම සුදුසුය.
පරිවාර නත්තල් ගස්

අයිස්ක්‍රීම් කෝටු කිහිපයක් සහ දිරාපත් වූ කෝටු කැබලි කිහිපයක් ගෙන ත්‍රිකෝණාකාර හැඩයකට අලවා ගැනීමෙන් පරිවාර නත්තල් ගස් සකස් කළ හැකිය. රිදී සහ රන්වන් පාට කොළ කැබැල්ලකින් තරැ හැඩ කිහිපයක් කපා ඒ මත ඇලවිය හැකි නම් ඔබගේ පරිවාර නත්තල් ගස් තවත් අලංකාර වනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments