නව බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක
- 2018-02-12 14:18:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිටපු ප්‍රධාන කොමසාරිස් නිමල් ද සිල්වා මහතාගෙන් පසු පුරප්පාඩු වූ ප්‍රධාන කොමසාරිස් ධුරය සඳහා මෙරිල් ගුණතිලක මහතා පත්කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර ඇත. මෙරිල් ගුණතිලක මහතා නාලන්ද විද්‍යාලයේ බාලදක්ෂයෙකි. බාලදක්ෂ මූලස්ථානයේ නිල කටයුතු භාරගත් නව ප්‍රධාන කොමසාරිස්තුමා, සහභාගි වූ මූලස්ථාන රුස්වීමේ දී ඉදිරියේ දී පැවැත්වෙන ජාතික ජම්බෝරිය හා සියවස මානවක සමුළුව ද පිළිබඳව සාකච්ඡා කළේය. ජාතික ජම්බෝරිය 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේදීත්, ජාතික කබෝරිය 2019 වර්ෂයේ අගෝස්තු - සැප්තැම්බර් මාසයේදීත්, මානවක සියවස සමුළුව 2020 වර්ෂයේදීත් පැවැත්වීමට තීරණය කරන ලදී. ජාතික ජම්බෝරිය නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය හා මඩකලපුව යන බාලදක්ෂ දිස්ත්‍රික්ක දෙකින් එකක පැවැත්වීමට නියමිත බව ද ප්‍රධාන කොමසාරිස්තුමා විසින් ප්‍රකාශ කරන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments