Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නිවාඩු කාලේ එළිමහන් ක්‍රියාකාරකමක යෙදෙන විට මෙම අභ්‍යාසය ඔබත් අත්හදා බලන්න.
මෙහි දැක්වෙන අතුර නිර්මාණය කර ඇත්තේ පුරෝගාමී දැනුම උපයෝගී කර ගනිමින්ය. ගසක අතු ප්‍රයෝජනයට ගනිමින් සකසන අතුරකට වඩා මෙම ක්‍රමයට අතුරක් නිර්මාණය කිරීමෙන් බාලදක්ෂයාගේ ප්‍රායෝගික දැනුම අත්හදා බැලිය හැකිවෙයි.

 

 

පළමු පියවර
අඩි 10 ක් උස ශක්තිමත් ලී දඬු හතරකින් කතිර දෙකක් සකසා ගත යුතුය. කතිරය මැද්දට කතිර බැම්ම යෙදිය යුතුය. (කතිර බැම්ම යොදන ආකාරය පහත දක්වා ඇත.) කතිරය සිරස් අතට පොළොවේ සිටුවා පහළ කොටස ඉණිමගක් ලෙස ප්‍රයෝජනයට ගත යුතුය. ඒ සඳහා බාලදක්ෂ යෂ්ටි කිහිපයක් තිරස් අතට බැඳිය හැක. 
දෙවැනි පියවර
කතිර දෙකෙහි එකිනෙක අතර පරතරය අඩි 15 ක් වීම ප්‍රමාණවත්ය. සිරස් අතට සිටුවූ කතිර දෙක එකින් එක යා කළ යුත්තේ රෑප සටහනේ ඇති ආකාරයටය. ඒ සඳහා මැනිලා කඹ භාවිත කිරීමෙන් අතුර වඩාත් ශක්තිමත් වෙයි.
තුන්වැනි පියවර
ඇටවුම පොළොව මත ස්ථාවර කිරීම සඳහා කතිර දෙක එකිනෙක විරැද්ධ දිශාවන් වෙත දෙපසට ඇද පොලවේ ගිල්වා ඇති කූඤ්ඤ මත බැඳිය යුතුය. පොළොවේ ගිල්වා ඇති කූඤ්ඤ 3 : 2 : 1 යන පිළිවෙලට සමාන දුරින් තිබිය යුතුය. එය හඳුන්වන්නේ 3 : 2 : 1 රුඳවුම ලෙසින්ය. අතුර මතින් එහා මෙහා යන විට සමස්ත ඇටවුම සෙලවීම වැළැක්වීමට මෙම රුඳවුම රැකුල් දෙයි.
සිව්වැනි පියවර
මෙය බාධක තරණයක් ලෙස  බාලදක්ෂයින්ට ඉගැන්විය යුතුය. කනිෂ්ඨ බාලදක්ෂයන් එක් අන්තයක සිට පැමිණ අනෙක් අන්තයෙන් බැස යාමෙන් බාධකය සාර්ථකව ජය ගත හැක. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.