Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙහෙම කිව්වෙ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික, පුහුණු කිරීමේ නායක රජීව පීරිස් මහතායි. ජ්‍යෙෂ්ඨ හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය වරයකු ලෙස සුවිසල් මෙහෙවරක් සිදු කරන තමන් වෙත ලැබෙන හැම විවේකයක්ම බාලදක්ෂ ව්‍යාපාරයේ නියැළෙන දරැවන් වෙනුවෙන් කැපකරන ඔහු සෑබෑම බාලදක්ෂයෙකි. කොළඹ ආනන්ද විදුහලේ ආදි ජනාධිපති බාලදක්ෂයෙකු ලෙසත්, හතලිස් හතර කොළඹ රොටරි බාලදක්ෂ සමුහයේ හිටපු බාලදක්ෂ ආචාර්යවරයා ලෙසත් ලබාගත් අත්දැකීම් සමුදාය එතුමාට අදත් හොඳින්ම මතකය.
ළමයින් හට බාලදක්ෂ වැඩ සටහනක් සැලසුම් කළ යුතු ආකරය පිළිබඳව එතුමා සිතන්නේ වෙනස්ම ආකාරයන්ය. එම නිසාම වෛද්‍ය රජීව පීරිස් මැතිතුමාගේ නව අදහස් හා සංකල්ප විජය බාලදක්ෂ කඳවුරින් ඔබ වෙත  ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු.
 මට නම් තාම මතකයි අපි ටින් කඩපු විදිහ. හතලිස් හතර රොටරි බාලදක්ෂ කණ්ඩායම අමුතුම තැනක්. විවිධ සමාජ තල වල ළමයි එතනට එකතු කර ගත්තෙ බාලදක්ෂ කටයුතු කිරීමේ අරමුණින් යුතුවයි. මුල් කාලේ අවුල් වෙලා තිබුණු බාලදක්ෂ කණ්ඩායම කාලයක් ගත වුණාම කොළඹ දිසා බලාදක්ෂ සංගමය පිරිනමන ඉහළම සම්මානය වන ආණ්ඩුකාරයාගේ සම්මානය නොකඩවා වසර හතරක් දිනා ගත්තා. මම විශ්ව විද්‍යාලයට ගිය අතරතුර කාලයේදියි බාලදක්ෂ කණ්ඩායම පවත්වාගෙන ගියෙ. අපි දවසක් කෝච්චි පාරට යාබද පාර අයිනෙ ටින් කැඩුවා. අහුල ගත්තු සැමන් ටින් අරගෙන ආපු බලාදක්ෂයො ඒවා එක උඩ එක තියන්න ඕනෑ. විරැද්ධ පාර්ශ්වය එ්ක කරන්න නොදී වළක්වනවා. මේක ඉවරයක් නැති කෑගැහිල්ලක් එක්ක සිදුවෙන ක්‍රීඩාවක්. ළමයින් හිතේ හැටියට කෑ ගහනවා. දුවනවා, පනිනවා, බඩගානවා එක දවසයි අපි ඔය සෙල්ලම කළේ. මාස ගාණක් යනකන් කථා කළා. සර් ටින්වලට ගල් විසිකරන්නෙ කවදාද? කිය කිය මගෙන් අහනවා. මම නම් හිතන්නෙ බාලදක්ෂයින්ව හිතේ හැටියට සතුටු කරන විධි ක්‍රම ගොඩක් තිබෙනවා. මම හැම දවසකම අලුත් අලුත් දේ අත්හදා බැලුවා. මුල් කාලේදි අලුත් අදහසක් එකපාරටම එන්නෙ නැහැ. එහෙම හිතන්න ගත්තු මුල් වකවානුවෙ අලුත් අදහසක් එන්නෙම නැති තරම්.
 ඒත් ඒක නොකඩවාම සිදු කළාම දවසක් එනවා, ක්ෂණිකව යමක් නිර්මාණය කළ හැකි. අන්න ඒ දවසේ ඉඳන් ඕනෑම බාලදක්ෂ කණ්ඩායමක දියුණුව ආරම්භ වන බව කිව හැකිය. දවසක් මට මතකයි මේ සිදුවීම.
 මම බාලදක්ෂ කණ්ඩායම කරපු පළාතේ ජීවත් වුණේ ගොඩක් දුප්පත් මිනිස්සු. එයාලගේ ළමයි නිතර උත්සාහ කළේ මුදල් උපයන්නෙ කොහොමද කියලා. හැම දේම මුදල් මත තීරණය වන බව හිතුවා. දවසක් බාලදක්ෂ රුස්වීමක දී මම ඇහුව ඔයාල ගොඩාක් මුදල් උපයන්න කැමතිද කියලා. ගත් කටටම හැමෝම ඔව්....ඔව් කියල කෑගැහුවා. හරි දැන් ඉඳන් පටන් ගනිමු කියල හැමෝම එක්ක ගෙන ගියා. එතන තිබුණ තණ කොළ පිට්ටනියට. ඊට පස්සෙ මම කිව්ව හරි දැන් පටන් ගන්න මේ භුමියෙන් සල්ලි මතු වේවි ඔයාල ඒව මහන්සියෙන් සොයා ගන්න ඕනැ කියලා. ඔන්න ඉතින් කෑ ගසමින් තණ කොළ පිට්ටනිය පීර පීර මුදල් උපයනවා. හැබැයි මම එතනට යන්න කලින් උපක්‍රමිකව තණකොළ පිට්ටනියට ගිහින් මාරැ කාසි ටිකක් තැනින් තැන විසි කරල ආවා. 
ඒක කළේ කාටවත් නෙපෙනෙන්න. ඇත්තටම මට ඕනෑ වුණේ ළමයින්ට මුදල් උපයන කෙටි ක්‍රමවලට වඩා ස්වෝත්සාහයෙන් වැඩ කරල හොඳින් ඉගෙන ගෙන ඒක කරන විදිහ නිර්මාණ ශිලිව කියා දෙන්නයි. මම ඒක එයාලට බාලදක්ෂ ක්‍රීඩාවක් මාර්ගයෙන් කියා දුන්නා. පස්සේ එයාලව ළඟට අඬගහලා කරැණු පැහැදිලි කළා. මේ සිදුවීම අදටත් මතක් කරන බාලදක්ෂයන් වර්තමානයේ ඉන්නවා. ඔවුන් හිතාගන්න බැරි තරම් දියුණු වෙච්ච පොහොසත් මිනිස්සු.

බාලදක්ෂ අවුරැදු ක්‍රීඩා
මෙම වකවානුව තුල බාලදක්ෂ ඔබ, සංවිධානය කරන බාලදක්ෂ අවුරැදු උත්සව සඳහා මෙහි දැක්වෙන බාලදක්ෂ ක්‍රීඩා ආදේශ කළ හැකිය.
ඉලක්කයට පහර දීම


විවිධ හැඩයේ ටින් කැබලි කිහිපයක් ඉංග්‍රීසි v අක්ෂරය හැඩයට එල්ලන්න. බාලදක්ෂයින් නිශ්චිත දුරක සිට ඒ වෙතට බෝලයක් එල්ල කළ යුතුය. ඔබේ ඉලක්කය නිවැරදි නම් සියලු ටින් ඉතාම හොඳින් චලනය විය යුතුය. එසේ වුවහොත් තරග වාරයක් සඳහා ලැබෙන උපරිම ලකුණු ලැබෙයි. ඒ අතරින් ටින් කිහිපයක් චලනය වුණේ නම් හිමි වන්නේ ලැබෙන ලකුණු ප්‍රමාණයෙන් හරි අඩක් පමණයි.
කොටු පුරවමු


මෙහි දැක්වෙන පරිදි කොටු සලකුණු නවයක් අඳින්න. ඉන් අනතුරැව ස්වාභාවික ද්‍රව්‍ය වලින් සාදාගත් ඉත්තන් තුන් දෙනා බැගින් බාලදක්ෂයින් අතර බෙදන්න. තමන් වෙත ලැබෙන ඉත්තන් උපරිම අවස්ථා තුනකදී එක පේළියට ස්ථාන ගත කළ යුතුය. ප්‍රතිමල්ලව තරග කරැවකු සමග කරන මෙම ක්‍රීඩාව ඔබ සිහිනුවණින් කළ යුතුය.
ට්‍රැක්ටර් රෝදේ පදිමු


ගනකම් ඉටි රෙද්දක කොන් දෙක මැනවින් එකිනෙක සම්බන්ධ කළ යුතුය. මේ අයුරින් සාදාගත් ඉටි රෙදි කිහිපයක් එක පෙළට තබා ඒ අසල කාණ්ඩ අනුව සිට ගත යුතුය. බාලදක්ෂ ආචාර්යවරයා දෙන පළමු නළා සංඥාවේදී රෑපයේ දැක්වෙන පරිදි ඉටිරෙදි රෝදය සකස් කර ගත යුතුය. ලැබෙන දෙවෙනි නළා සංඥාවේදී රෝදය ඉදිරියට පෙරළිය යුතුය. නිශ්චිත දුරක් ගෙවා පැමිණෙන මුල්ම තරගකරැවෝ ජය ගනිති.
වතුර පාස් කරමු


බාලදක්ෂයින් කාණ්ඩ අනුව පෙළට සිට ගැනීමේ නළා සංඥාව දියුතුය. සැම බලාදක්ෂයෙක් ම තමන් වෙත ලැබෙන අත සෝදන වතුර කෝප්පය හිස මත තබාගත යුතුය. තරගය ආරම්භ වන්නේ පසුපසින්ය. පසුපස තරගකරැගේ හිස මත ඇති භාජනය වතුරෙන් පිරවිය යුතුය.
තරගය ආරම්භ කිරීමට ලැබෙන සංඥාවෙන් පසු තරග කරැවන් හට තරගය ආරම්භ කළ හැකිය. තමන් ඉදිරියේ සිටින බාලදක්ෂයාගේ හිස මත ඇති දිය බඳුනට තම හිස මත ඇති බඳුනේ තිබෙන දිය පිරවිය යුතුය. තරගකරැවන්ට පමණක් කටහඬ අවදි කළ නොහැකිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.