Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සිඟිති බාලදක්ෂයින් ඇතුළු පෝතක බාලදක්ෂයින් සඳහා සුදුසු මෙම ක්‍රීඩාව හඳුන්වන්නේ සෙල්ලං කාර් රේස් පැදීම නමින්ය. මෙහි ඇති විශේෂ වන්නේ තමන් තමා ධාවනය කරන සෙල්ලම් කාරය තමන් විසින්ම  නිර්මාණය කරගත යුතු වීමය. 

සෙල්ලම් කාරය නිර්මාණය කිරීම
ඉවත දමන ලෑලි කැබැල්ලක් මේ සඳහා සුදුසුය. රේසිං කාරයක හැඩයට සමාන හැඩයක් ලෑල්ලේ ඇඳගනිමින් එය කපා ගැනීම මුලින්ම කළ යුතුය. ඉන්පසු රෝද හතරක් සවිකළ යුතුය. රෝද සවිකරන ආකාරය අනුව &රේසිං කාරයේ වේගය* තීරණය වෙයි. මැනවින් රෝද කැරකැවෙයි නම් නිර්මාණය කළ කාරය සමබර නම් දිගු දුරක් බාධාවකින් තොරව ධාවනය වෙයි.
රෝද සවි කිරීම
ඔබ තෝරාගත් හැඩය සහිත ලෑලි කැබැල්ලේ ස්ථාන දෙකක් සිදුරැ කොට රෝදයේ ඇක්සලය ඒ තුළට රිංගවිය හැක. එසේත් නැතිනම් රෝද දෙක සවිකළ ඇක්සලය මත රේසිං කාරයේ බඳ කොටස තැබිය හැක. එවිට ඇක්සලය ගෑවෙන ප්‍රදේශය ලෑල්ලෙන් ලිස්සා නොයන පරිදි මැනවින් රුඳී සිටින අයුරින් එය රුඳවිය යුතුය. ඒ සඳහා ගැඹුරැ කට්ටයක් කැපිය යුතුය. එවිට රේසිං කාරයේ බඳ ඇක්සලය උඩ හොඳින් රුඳෙයි. මේ ආකාර දෙකටම අකැමැති නම් ඒ සඳහා සුදුසු ක්‍රමයක් ඔබ නිර්මාණය කරගත යුතුය.
රථයේ හැඩය තීරණය කිරීම
ඔබ විසින් නිර්මාණය කරනු ලබන රේසිං කාරයේ හැඩය මෙහි දැක්වෙන ප්‍රධාන ආකෘතික හැඩ පහෙන් එකක් විය යුතුය. ඒවායේ ඇති සුවිශේෂි හැඩය නිසාම රථයේ වේගය තීරණය වෙයි. ඉදිරියෙන් පැමිණෙන සුළං දහර කපාගෙන ඊට ප්‍රතිවිරැද්ධ බලයක් මුදා හරිමින් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව සෙල්ලම් කාරයට ලැබෙන්නේ ආකෘතික හැඩය නිසාමය. එම සිද්ධාන්තය සැබෑම එන්ජිමක් සවිකර ධාවනය කරන හැම රථයකටම පොදු වූ කරැණක් බව ඔබ ඉගෙන ගත යුතුය. 
මෝටර් රථය පාට කරන්න
ඔබේ මෝටර් රථයට මනා පෙනුමක් ලබා දීමට කැමති නම් එය අලංකාර ලෙස වර්ණ ගැන්වීම කළ හැක. ඒ සඳහා ඔබගේ යහළුවන්ගෙන් උපදෙස් ලබා ගත යුතුය. 
ධාවන පථය නිර්මාණය කිරීම
මෙහි දැක්වෙන පුංචි කාර් රේස් ධාවන පථය පැතලි ටකරන් තහඩුවකින් නිර්මාණය කර ඇත. එහි ඇති පීල්ලක් තුළ එක රථයක් නොනවත්වා ධාවනය වෙයි. එය මීටර් පහක් දිග ධාවන පථයක්ය. තරගය ආරම්භ කරන්නේ උස ස්ථානයකින්ය. ක්‍රමික බෑවුමක් සහිතව අවසන් වන ධාවන පථයේ අවසන් රේඛාව නිර්මාණශීලීව සකස් කරගැනීම ඔබගේ සිතැඟි පරිදි කළ හැක.
තරගය ආරම්භ කිරීම
මෝටර් රථය අතැති ධාවකයා තරගය ආරම්භ කරන ආරම්භක රේඛාව අසල ස්ථානගත විය යුතුය. තරගය ආරම්භ කිරීමට පෙර ලබාදෙන ප්‍රථම නළා සංඥාවේ දී තම මෝටර් රථය උස ස්ථානයේ ඇති ආරම්භක රේඛාව මත තබා එක් අතකින් හොඳින් අල්ලා ගත යුතුය. තරගයට සහභාගි වන සියලුම තරගකරැවන් එය අනුගමනය කළ යුතුය. තරග ආරම්භ කරන අවසන් නළා සංඥාව ලැබුණ වහා සියලු තරගකරැවන් තම අතේ ඇති මෝටර් රථය නිදහස් කළ යුතුය. මේ අයුරින් නිදහසේ ගමන් කරන මෝටර් රථ අතරින් තරග අවසන් රේඛාව පසුකරන මෝටර් රථය හිමි ධාවකයා තරගය ජයගනී.
සැ.යු.
තරගය සඳහා සහභාගි වන තරගකරැවන් ප්‍රමාණය වැඩි නම් වට කිහිපයකින් තරගය පවත්වා ජයග්‍රාහී අවසාන වටය සංවිධාන කළ හැකිය. 
ප්‍රේක්ෂකාගාරය
තරගය නරඹන ප්‍රේක්ෂකයින් ධාවන පථය දෙපස රුඳී සිටිමින් ඔල්වරසන් දිය යුතුය. තරගයේ ජීව ගුණය තබා ගැනීම ඔවුන් සතු වගකීමක්ය.
තරග විනිශ්චය කිරීම
තරග ආරම්භය සටහන් කිරීමට විශේෂ ආරාධිත අමුත්තකු කැදවිය හැක. තරග අවසානයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා අවම වශයෙන් විනිසුරැවන් තිදෙනෙකු වත් පත්කළ යුතුය. විනිසුරැවන් ලබා දෙන තීරණය තරගයේ අවසන් තීරණය වනු ඇත. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.