බරක් පහළට රුගෙන එන්නෙ මෙහෙමයි
- 2019-11-22 10:57:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙහි දැක්වෙන්නේ උස ස්ථානයක සිට පහත ස්ථානයකට ආරක්ෂිතව භාණ්ඩයක් හෝ රෝගියකු රුගෙන යන අන්දමයි.
මෙම ක්‍රම (2 : 1 සහ 3 : 1) දෙකට එක සහ තුනට එක අනුපාතයට පුරෝගාමී භාණ්ඩ ප්‍රවාහනය ලෙසින් “පුරෝගාමීහු* හඳුන්වනු ලබති.
කෙසේ වුවද මෙම ක්‍රම දෙක ඔබට අත්හදා බැලිය යුත්තේ පසුගිය සති තුන තුළදී විජය බාලදක්ෂ කඳවුර විශේෂාංගයේ පලකළ ලිපි කියවීමෙන් පසුවය.
2 : 1 ක්‍රමය ප්‍රයෝජනයට ගන්නේ මේ අයුරින්ය
මෙහි දැක්වෙන ආකාරයට කෘත්‍රිම ලණු ස්ථානගත විය යුතුය. “අට ගැටය* යොදන ලද කෘත්‍රිම ලණුවේ වම් කෙළවර ක්‍රියාකාරී අන්තය ශක්තිමත් ගසක අත්තක හෝ ගොඩනැගිල්ලක හරස් අතට දිව යන කොන්ක්‍රීට් පරාලයක ගැට ගැසිය යුතුය.
ඉන්පසු කෘත්‍රිම ලණුවේ දකුණු කෙළවර ක්‍රියාකාරී අන්තය ඔබ රුගෙන යන බර සහිත කොටසට ගැට ගැසූ කප්පිය තුළින් රිංගවා ඉහළට ගත යුතුය. එම අන්තය තවත් ශක්තිමත් ස්ථානයක එල්ලූ “ලූපය සහ නැමුම* සහිතව සම්බන්ධ විය යුතුය. එය සිදුකරන ආකාරය මෙහි දැක්වෙයි.
3 : 1 ක්‍රමය භාවිත කරන්නේ මේ ආකාරයටයි
මේ අයුරින් බරක් පහළට රුගෙන ඒමේ දී 2 : 1 ක්‍රමයට වඩා ආරක්ෂිතය. එමෙන්ම ප්‍රමාණාත්මකව බරින් වැඩි භාණ්ඩයක් පහළට ගෙන ඒමට වඩාත් සුදුසුය.
කෘත්‍රිම ලණුවේ වම් කෙළවර ක්‍රියාකාරී අන්තය භාණ්ඩය හෝ රෝගී ප්‍රවාහන පැසෙහි රඳවා ස්ථාන දෙකක් වෙතට “ලූපය සහ නැමුම* යෙදිය යුතුය. එම ස්ථාන දෙකටම “කප්පි* දෙකක් සම්බන්ධ කළ යුතුය.
ඉන් අනතුරැව කෘත්‍රිම ලණුවේ දකුණු පස ක්‍රියාකාරී අන්තය සහිත ලණු කෙළවර කප්පිය තුළින් රිංගවා ඉහළට ගත යුතුය. ක්‍රමිකව එම කෙළවර ලිහිල් කරන විට බොලොක්ක දෙක එකවර කරකැවෙයි. මේ අයුරින් භාණ්ඩය ආරක්ෂා සහිතව ක්‍රමානුකූලව පහළට රුගෙන ඒම කළ යුතුය.
එමෙන්ම ප්‍රථමාධාර ලබා දුන් රෝගියකු උස ගොඩනැගිල්ලක සිට මාර්ගය අසල නැවතූ ගිලන් රථය දක්වා පහළට රුගෙන ඒමට යොදා ගත හැක. විශේෂයෙන්ම තට්ටු නිවාස තුළ දිවි ගෙවන බාලදක්ෂයින් ඇතුළු ඕනෑම පුද්ගලයකුට මෙහි දැක්වෙන ක්‍රම ද්විත්වය එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝගිකව අත්හදා බැලිය හැක.
Reply To:
Name - Reply Comment
0 Comments