බාලදක්ෂයන්ගේ ජාතික නිදහස සැමරුම
- 2017-02-14 14:47:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 පෙබරවාරි 4 දින 69 වන ජාතික නිදහස් දිනය සැමරීම සඳහා පානදුර රාජකීය විද්‍යාලයේ බාලදක්ෂයන් විසින්, පානදුර ගුණානන්ද පිළරුව අභියස සහ පානඳුරා වාදය පිහිටි භූමියේදී ජාතික නිදහස් දිනය සැමරීමේ උළෙලක් සංවිධාන කරන ලදී. මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස 1946 වර්ෂයේ රජුගේ බාලදක්ෂ පදක්කමෙන් පිදුම් ලැබූ එම්.එම්.පී සෙනාරත්න මහතා සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා පානදුර හොරණ හිටපු දිසා කොමසාරිස් ආනන්ද කුලසිරි ද සිල්වා මහතා (LT) සහ වර්තමාන දිසා කොමසාරිස් ඒ.විල්මට් පෙරේරා මහතා (ALT) ඇතුලු දිසාවේ නිලධාරි මහත්වරුන් රැසක් ද සහභාගී විය.
පානදුර රාජකීය විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්ය එස්.එ්.ඞී.ලසන්ත සුමිත් විජේසිංහ මහතා විසින් මෙවර ජාතික නිදහස් දින උත්සවය සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා පානදුර ශ්‍රී සුමංගල විදුහල, සාන්ත ජෝන් විදුහල, අළුබෝමුල්ල අස්.මහින්ද විදුහල, පතහවත්ත ස්වරණ ජේාති යන විදුහල්වල බාලදක්ෂ ආචාර්යවරුන් ආචාර්යවරියන්ද ආදී රාජකීය බාලදක්ෂයන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
සටහන - චමින්ද වාරියප්පෙරුම
Reply To:
Name - Reply Comment
0 Comments