බාලදක්ෂ නිල ඇඳුම
- 2018-06-08 22:54:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මූලික බාලදක්ෂ දැනුම හා පුහුණුව ලබා දීමෙන් පමණක් “බාලදක්ෂ ව්‍යාපාරය* මෙරට ස්ථාපනය කළ නොහැකි විය. එංගලන්තයේ දරැවන් මෙන් බාලදක්ෂ නිල ඇඳුම්, හිස්වැසුම්, මේස්, සපත්තු අඳින පිරිසක් බිහිකිරීම ස්ටීවන්ස් මහතාගේ අභිප්‍රාය විය. ඒ අනුව තමා විසින්ම බරපැන දරමින් අධික මුදලක් වියදම් කොට එංගලන්තයෙන් ගෙන්වනු ලැබූ කාකි නිල ඇඳුම්, තද කොළ පැහැති කරලේන්සු, ගැටිය සහිත හැට් තොප්පි ආදිය ස්ටීවන්ස් මහතා අතින්ම නවක බාලදක්ෂයින්ට ප්‍රදානය කෙරිණ. නිල ඇඳුමට සිත් ඇදුණු දරැවෝ බාලදක්ෂ ව්‍යාපාරයට එක්වූහ. මෙරට ප්‍රථම බාලදක්ෂ පුහුණු කටයුතු ක්‍රමයෙන් සාර්ථකත්වයට පත්වීම පුදුම සහගත විය. දුෂ්කර ප්‍රදේශයක දී අහඹු ලෙස ස්ථාපිත කළ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායමේ කීර්තිය පැතිරී ගියේය. කොළඹ, මහනුවර, ගාල්ල වැනි නගරයන් හි ප්‍රමුඛ පෙළේ පාසල්වල දරැවන්ගේත් වැඩිහිටියන්ගේත් අවධානය “මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය*වෙතට යොමු විය. වසරක් ගත වීමටත් පෙර ජේ.එච්.ද සේරම් සහ ජී.ඊ.ද සේරම් මහත්වරැන්ගේ මගපෙන්වීම මත 1913 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කෙරිණ.
Reply To:
Name - Reply Comment
0 Comments