Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාලදක්ෂ වඩු මඩුව

  • 2019-05-10 14:30:34
  • 0 Comments

අත්හුරුව ප්‍රවීණතා පදක්කමේ දී බාලදක්ෂයින් වෙත උපකරණ භාවිතය උගන්වයි. එබැවින් බාලදක්ෂ ඔබ වඩු මඩුවක උපකරණ අතරින් මිටිය, කියත, නියන, ඉස්කුරැප්පු නියන, යතුකැටය ආදී උපකරණ මැනවින් හැසිරවීමට අත හුරැ කරගත යුතුය. මෙහි දැක්වෙන්නේ ඒ සඳහා ලබාගත යුතු ආරම්භක පියවරයි. 

අඬු මිටියෙන් ඇණයක් හදමු


බිත්තියකට හෝ ලෑල්ලකට යකඩ ඇණයක් ගිල්වීමේ දී ඒ සඳහා සුදුසු ඇණයක් සහ මිටියක් තෝරාගත යුතුය. කුඩා යකඩ ඇණයක් ලෑල්ලකට ගිල්වීමට විශාල අඬු මිටියක් නුසුදුසුය. එබැවින් ඇණයට සාපේක්ෂව මිටිය විශාල විය යුතු බව සිත්හි තබා ගත යුතුය. 
ඇණය ගිල්වීමට ප්‍රථම එහි උල් වූ මුවහත් ප්‍රදේශය (ඇණයේ තුඩ) නිරීක්ෂණය කළ යුතුය. තුඩ මොට වූ ඇණ ලෑල්ල තුළට ගිලී යනවිට ලෑල්ල පුපුරා යයි. එබැවින් තියුණු තුඩක් සහිත ඇණය ලෑල්ල මත තබා එක් අතක මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ලෙන් ඇණය ස්ථාවරව අල්ලා ගත යුතුය. 
අනෙක් අතින් මිටිය රුගෙන ඉතාම පරිස්සමෙන් ඇණය රඳවා ගැනීම ඉන් අනතුරැව කළ යුතුය. ලෑල්ල මත ඇණය ඇද නොවී ලම්බකව රුඳුණු පසු මහපටැඟිල්ල සහ දබරුඟිල්ල ඇණයෙන් නිදහස් කර වැරෙන් මිටි පහරවල් කිහිපයක් ඇණයේ හිස මත පතිත කළ යුතුය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.