Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සෑම බාලදක්ෂයකුම අපූර්ව දේ නිරීක්ෂණය කරන නිරීක්ෂකයකු විය යුතුය. සැන්දෑවක අහස නිරීක්ෂණය කිරීම, නිවසේ කාමරයකට කොටු වී සිටින ඔබට කළ නොහැකිය. ඒ සඳහා ඔබ එළිමහනට පිවිසිය යුතුය. කඳවුරැ බඳින බාලදක්ෂයින් හට එය ඉතා ලෙහෙසියෙන් කළ හැකිය. ඔබ කැමති නම් කාණ්ඩ අනුව සූදානම් වීමට පුළුවන. 

ක්ෂිතිජය පෙනෙන 
ස්ථානයකට යන්න

අහසත්, පොළවත් එකට එක්වන ඈත ඉමේ ඇති මනෝමය රේඛාව ක්ෂිතිජය යනුවෙන් හැඳින්වේ. එය වක්‍රාකාර වූ රේඛාවක් ලෙස දිස්වෙයි. මුහුදු වෙරළට ගිය විට මෙම දර්ශනය නැරඹිය හැකිය. එමෙන්ම උස් වූ කඳු මුදුනකට ගිය විට ද ක්ෂිතිජය පෙනෙයි. එසේත් නැතිනම් උස තට්ටු නිවාසයක පියස්සට ගොඩවූ විට ද ක්ෂිතිජය දැක ගැනීමට පුළුවන.
නිරීක්ෂණය කරන්නේ කුමක්ද ?
සූර්යයා ක්ෂිතිජයෙන් බැසයාමට ආසන්න හෝරාවේ මේ සියල්ල නැරඹිය හැකිය. එය ඔබේ අත් ඔරලෝසුවෙන් නොව අත්ලේ පළලින් ගණනය කළ හැකි අපූරැ හෝරාවක්ය. එය ඔබ සිටින ස්ථානයත්, ක්ෂිතිජය රේඛාවත් අතර අංශක 18 ක් ඉහළින් සූර්යයා පිහිටන ස්ථානයයි. රෑපයේ දැක්වෙන ආකාරයට මහපටැඟිල්ල අත්ල මත නමා පිටිඅල්ල සූර්යයා දෙසට දිගු කළ විට හිරැ බැසයන අවසන් හෝරාව හඳුනාගත හැකිය. ඔබේ අතේ දබරුඟිල්ල, මැදඟිල්ල, වෙදැඟිල්ල හා සුළැඟිල්ල එකින් එක අත්ල මතට නැමීමේ දී සූර්යයා විනාඩි 15 ක් ඇතුළත එක ඇඟිල්ලක් පසුකර අවරගිරෙන් බැස යයි. එය හඳුන්වන්නේ එක් දිනයක සූර්යයා නොපෙනී යන අවසන් හෝරාව ලෙසය.
තවත් බොහෝ දේ 
නිරීක්ෂණය කරන්න

කුරැල්ලන් සිය කැදලි කරා ඇදී යන ආකාරය නිරීක්ෂණය කළ යුතුය. අඩ අඳුරේ පෙනෙන තරැ නිරීක්ෂණය කළ යුතුය. වලාකුළු අධ්‍යයනය කළ යුතුය. ඔබට ඇසෙන මානයේ ඇසී නෑසී යන පක්ෂීන් ඇතුළු විවිධ සතුන්ගේ හඬ ශ්‍රවණය කළ යුතුය. මෙකී නිරීක්ෂණ රාත්‍රී කාලයේ වනාන්තරයක සිටින ඔබට ප්‍රයෝජනවත් වේවි. පවතින කාලගුණික තත්ත්වය ඇතිවිය හැකි වර්ෂාපතනය ගැන දැන ගැනීමටත් වල් අලි, වල් ඌරා, වලසා, කිඹුලා යන සතුන්ගෙන් සහ විසිතුරැ සර්පයින්ගෙන් ඔබේ ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකි වේවි.
පළපුරැදු බාලදක්ෂ 
පුරෝගාමියකු වන්න

සූර්යයා බැසයන අවසාන තත්පරයේ දී බාලදක්ෂ ඔබට මතක් විය යුතු කරැණු කිහිපයක් ඇත.
එළැඹෙන හයවෙනි පැයට බාලදක්ෂ ධජය පහත හෙලීම ආරම්භ කළ යුතුය. ධජය පහත නොහෙළන අවස්ථාවක ධජය ආලෝකවත් කළ යුතුය. කෙසේ නමුත් බාලදක්ෂ කඳවුරක සවස අවසන් රුළිය අනිවාර්ය වෙයි. එහිදී බාලදක්ෂ ධජය පහත හෙළා ක්‍රමවත්ව නමා එළැඹෙන දිනයේ සේවා නායක වෙත ධජය භාරදෙයි. රාත්‍රී ගිනිමැලය දැල්විය යුතුය. රාත්‍රී ආහාර පිසීම ආරම්භ කළ යුතුය. දවසේ ප්‍රයෝජනයට ගත් කඳවුරැ උපකරණ මැනවින් සෝදා පිරිසිදු කොට ආරක්ෂිතව ආයුධ රාක්කයේ ගබඩා කළ යුතුය. ඉන් පසුව පිරිසිදු වන ඔබ රාත්‍රී භෝජනය ලබාගත යුතුය. ඔබ සිටින බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂ බියුගල් කලාකරැවකු සිටී නම් ඔහු ධජය පහත හෙලීම, රාත්‍රී භෝජනය සහ රාත්‍රී නින්දට යාම ස්මරණය කරමින් නලා සංඥාවක් ලබාදෙනු ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.