Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 21 ක් ගතවීම නිමිත්තෙන් 1929 දී එංගලන්තයේ ලිවර්පූල් හි රෝයල් පාර්ක් උද්‍යානයේ දී ලෝක බාලදක්ෂ ජම්බෝරිය පැවැත්විණ. එහිදී බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමි තුමා වෙත අපූරැ ත්‍යාගයක් පිරිනැමුණි. එය ලෝක බාලදක්ෂ ජම්බෝරියට පැමිණි බාලදක්ෂයින්ගෙන් එකතු කළ මුදලින් මිල දී ගත් මෝටර් රථයකි.

 

ජෑම් රෝල්
එක් බාලදක්ෂයෙක් අවම වශයෙන් පෙනී එකක්වත් අරමුදලට පරිත්‍යාග කළේය. ලෝක බාලදක්ෂ ජම්බෝරියේ දී සිදුවූ මෙම අපූරැ සිදුවීම මතකයේ රුඳවූයේ ඒ වෙනුවෙන් අපූරැ නමක් ආදේශ වූ බැවින්ය. ජෑම් රෝල් යන ආදරබර නාමයෙන් එම රථය හැඳින්විය. එහි අරැත වූයේ Jamboree And Rolls Royce යන්නය. රෝල්ස් රොයිස් රථයක් වූ එය බාලදක්ෂයින් එසේ නම්කළ ද ආදී කර්තෘතුමන් එය හැඳින්වූයේ එක්ලස් යන නමින්ය. එකතු කළ යන අර්ථය එයට වඩාත් උචිත බව බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අදහස විය.
සෑම ප්‍රදේශයකම


 එක්ලස් එංගලන්තයේ සුප්‍රකට රෝල්ස් රොයිස් රථ සඳහා ලෝකයේ ඉල්ලුමක් නිර්මාණය කිරීමේ පෙරගමන්කරැවා විය. අශ්වබල 20 ක ධාරිතාවකින් යුතු එක්ලස්ගේ අංකය OU 2938 විය. බඳෙහි අංකය GVO – 40 ලෙස නම්කර ඇත. බේඩ්න් පවෙල් සාමිතුමා සහ ඔලෙව් මැතිනිය නිල රථයෙන් එංගලන්තයේ සෑම ප්‍රදේශයකම සැරිසැරෑහ. බාලදක්ෂ කණ්ඩායම් වෙත ගොස් ඒවා ශක්තිමත් කළහ. වැරදි නිවැරදි කළහ. නිල රථය නොගිය තැනක් නැති බව වරෙක දී ඔලෙව් මැතිනිය ප්‍රකාශ කළාය. 

කැරවෑනය
කඳවුරැ නිරීක්ෂණය සඳහා ගියවිට රථයට පිටුපසින් සම්බන්ධ කළ කැරවෑනය තුළ බේඩ්න් පවෙල් සාමිතුමා රුය පහන් කළේ බාලදක්ෂයින් සමග තමන් නිරතුරැව සිටිනා බව ඒත්තු ගැන්වීමටය. 1941 වසරේ දී බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අභාවයෙන් පසු ඔලෙව් මැතිනියගේ පරිහරණය කළ එක්ලස් අද වන විට ලෝක බාලදක්ෂයින්ගේ ඓතිහාසික කෞතුක වස්තුවක් බවට පත්ව ඇත. 
සැඳෑ සුවය විදින එක්ලස්


සිදුවීම් ගණනාවකට පසු බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ නිල රථය එංගන්තයේ ගිල්බල් බාලදක්ෂ උද්‍යානය වෙත රුගෙන එන ලදී. මෙහි දැක්වෙන්නේ අදටත් විරාජමානව සිටින එක්ලස් ය. එක්ලස් වෙනුවෙන්ම නිර්මාණය කළ ගරාජය තුළ එක්ලස් තනි නැති බව හැඟවීමට ආදි කර්තෘ යුවළ සිහිවනු වස් නිර්මාණය කළ ප්‍රතිමා දෙක අදටත් බාලදක්ෂයින්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වෙයි. මෙහි දැක්වෙන්නේ ගිල්බල් හි සංරක්ෂණය කළ බේඩ්න් පවෙල් යුවළගේ ප්‍රතිමාවත්, ඔවුන්ගේ නිල රථයත්ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.