Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මම ගෙදර ගියෙමි

  • 2019-01-11 13:35:21
  • 0 Comments

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අභාවය සිදුවූයේ 1941 ජනවාරි 8 වැනිදා ය. එතුමන්ගේ සිට අද දක්වාම බාලදක්ෂ ව්‍යාපාරයේ ස්වේච්ඡාවෙන් සේවය කළ සියලු බාලදක්ෂයින් ස්මරණය කරනු ලබන දිනයක් ලෝක බාලදක්ෂ කැලැන්ඩරයට එක්වී ඇත. එම දිනය හඳුන්වනු ලබන්නේ Scout Salutation Day යන නමින්ය. 
ලෝකයේ දෙස් විදෙස් බාලදක්ෂයින් පහළොස් දහසක් දෙනා අතර අදහස් හුවමාරැ වන මුහුණු පොත Honorable Scout Salutation ලෙස වසර හතක කාලයක් තිස්සේ පවත්වාගෙන එයි. රටවල් 157 ක බාලදක්ෂයින් අතරින් දිවියෙන් සදහටම සමුගන්නා බාලදක්ෂයින් සදා අමරණීයත්වයට පත් කිරීම උදෙසා වසරකට වරක් ජනවාරි 08 වැනිදා ලෝක මට්ටමින් බොහෝ ක්‍රියාකාරකම් කිරීමට බාලදක්ෂයින් පෙලඹවීම එම මුහුණු පොතේ අභිප්‍රායයි. 
ආගමික වැඩසටහන්, යහපත් සමාජ සුබසාධන වැඩසටහන්, ගුණානුස්මරණ ගීත නිර්මාණය කිරීම, කූඩු කර ඇති කුරැල්ලන් නිදහස් කිරීම, සිහිවටන ඵලක නිරාවරණය කිරීම, සිහිවටන රුලි පැවැත්වීම, පහන් ආලෝකවත් කිරීම, ගවේෂණ හෝ කඳවුරැ සංවිධානය කිරීම වැනි බොහෝ ක්‍රියාකාරකම් කළ හැකි බව Honorable Scout Salutation මුහුණු පොත පෙන්වා දෙයි. 
එයින් අදහස් කෙරෙන්නේ ඔබ ඔබේ බාලදක්ෂ ආදි කර්තෘවරැන්ගේ සහ බාලදක්ෂ ආචාර්යවරැන්ගේ ආදර්ශවත් අනුගාමිකයින් විය යුතු බවය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.