යෂ්ටි ආචාර සන්දර්ශනය
- 2019-10-15 10:14:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ විශාලතම බාලදක්ෂ යෂ්ටි ආචාර සංදර්ශනය පසුගියදා පැවැත්විණ. එය සංවිධානය කළේ ආසියා ශාන්තිකර බාලදක්ෂ කලාපයේ ඉන්දුනීසියානු බාලදක්ෂ සංගමයයි.
ඉන්දුනීසියාව ලෝකයේ බාලදක්ෂ කටයුතු පිළිබඳ ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්ව ඇත්තේ බාලදක්ෂයින් මිලියනයක් සිටින ලොව විශාලතම බාලදක්ෂ සංගමය ලෙසටයි.
පසුගියදා ඉන්දුනීසියාවේ බාලදක්ෂයින් හට සුවිශේෂී දිනයක් උදා විය. එනම් වසරක් පාසා ස්මරණය කරනු ලබන “ජාතික බාලදක්ෂ දිනය* සංවිධානය කිරීමය. ඔවුන් විසින් එම දිනය හඳුන්වනු ලබන්නේ “ප්‍රමුඛ දිනය* නමින්ය.
ජාතික බාලදක්ෂ ප්‍රමුඛ දිනයට සමගාමීව 58 වැනි ජාතික බාලදක්ෂ සාංවත්සරික උලෙළ සංවිධානය විණි. එය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පාකන්සාරි ක්‍රීඩාංගණයේ පැවැත්විණ.
උත්සවයේ ආරාධිතයන් ලෙස ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විදෝදෝ, මැලේසියාවේ හිටපු අගමැති අබ්දුල් අහමඩ් බදාවි සහ ස්වීඩනයේ රජු, 16 වෙනි කාල් ගුස්ටාෆ් සහභාගි වූහ.
58 වැනි ජාතික ප්‍රමුඛ දින සාංවත්සරික උත්සවය සඳහා එදින බාලදක්ෂයෝ පනස්දහසක් සහභාගී වූහ. එහිදී බාලදක්ෂ ලෝක ඉතිහාසයට අලුතින් එකතු වූ වාර්තාවක් සනිටුහන් විය.
බාලදක්ෂයින් 17,000 ක් සහභාගි වූ දැවැන්ත යෂ්ටි ආචාර සංදර්ශනය ජාතික ප්‍රමුඛ දිනයේ දී ඉදිරිපත් කරන ලදී. ඊට සහභාගි වූ බාලදක්ෂයෝ එකම වර්ණයක බාලදක්ෂ නිල ඇඳුම් වලින් සැරසී සිටියහ .
Reply To:
Name - Reply Comment
0 Comments