ලී කරැ ප්‍රයෝජනයට ගනිමු
- 2018-11-19 11:15:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම කාලීන උපකරණ කිහිපය එළිමහන් බාලදක්ෂ කඳවුරේ මුළුතැන්ගෙට ප්‍රයෝජනවත් වෙයි. පළමුවෙන්ම Y හැඩැති ලී කරැ කිහිපයක් පේර ගසකින් කපාගත යුතුය. ඉන් කිහිපයක් පොළොවේ ගිල්විය හැකි වන සේ උල් කර සකස් කළ යුතුය. එසේ සකස් කළ ලී කරැ රෑපයේ දක්වා ඇත. දොඹකර උදුනක් පිළියෙළ කිරීමේ දී ලී කරැ භාවිත කළ යුතු අන්දම බාලදක්ෂයා ප්‍රායෝගිකව අත්හදා බැලිය යුතුය. ඒ සඳහා මෙහි දැක්වෙන රෑප සටහන් ප්‍රයෝජනයට ගත හැකිය. යම් ආහාරයක් ගිනි අඟුරැ මත තබා රෝස් කරගැනීමට අවැසි වූ විට Y හැඩැති කරැවට අමතර කොටස් කිහිපයක් එක්කොට රෑපයේ දැක්වෙන ආකාරයට බැඩ්මින්ටන් පිත්තක් ලෙස එසේ කරගත යුතුය. එහි දැල විවීම සඳහා සිහින් ශක්තිමත් පේර කෝටු හෝ වෙනිවැල් භාවිත කළ යුතුය. මුළුතැන්ගෙයි ලිප මත රත්වූ ජලය සහිත බිලී කෑනයක් ඉවත් කිරීමට Y හැඩැති ශක්තිමත් ලී කරැවක් ප්‍රයෝජනයට ගත හැකි ආකාරය මෙහි දක්වා ඇත. එහි මිට ප්‍රදේශයේ හරි මැදින් කොටසක් ඉවත් කර කට්ටයක් කපා ඇත්තේ බිලී කෑනයේ යකඩ කොක්ක රඳවා ගැනීමටය.
Reply To:
Name - Reply Comment
0 Comments