ලී පදක්කමට වසර 100 යි
- 2019-09-26 22:31:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය සැප්තැම්බර් මස 08 වෙනිදා ලෝකයේ සිටින සෑම බාලදක්ෂයකු හටම වැදගත් දිනයක් විය. එනම් බාලදක්ෂ ආචාර්යවරැන් පුහුණු කිරීමේ වැඩසටහනක් ලෝකයට හඳුන්වා දීමය. එය එසේ සිදුවූයේ වසර සියයකට ඉහත දී 1919 සැප්තැම්බර් මස 08 වැනි දිනයේ උදෑසනයි.
ප්‍රථම ලී පදක්කම් පුහුණු පාඨමාලාව
දහ අටදෙනෙකු මේ සඳහා සහභාගී වූහ. නැගෙනහිර ලන්ඩනයේ එපිං වනය ආසන්නයේ පිහිටි ගිල්වෙල් උද්‍යානයේ මෙම වැඩසටහන පැවැත්විණි.
දසත පැතිරී ඇති බාලදක්ෂ ක්‍රියාකාරකම් හි නිරත බාලදක්ෂ ආචාර්යවරැන්ගේ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම එහි ප්‍රමුඛ අරමුණ විය. මේ සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අවසරය හා අනුමැතිය ලැබුණි.
එය එසේ කළ යුතු වූයේ නවක බාලදක්ෂයින් හට නිවැරදි මග පෙන්වන්නන් සිටිය යුතු නිසාවෙන්ය. 1910 – 1918 අතර වර්ෂ දෙකහි ලන්ඩන් නුවර සහ යෝක්ෂයර්හි පැවැත්වූ දේශන මාලාව හේතුවෙන් වැඩිහිටි බාලදක්ෂයින්ගේ දැනුම අලුත් විය. සතියකට දේශනා තුන බැගින් එම දේශන මාලාව පැවැත්වූ බව සඳහන් වෙයි.
එහෙත් එය ප්‍රමාණවත් නොවන බව තේරැම් ගත් බේඩ්න් පවෙල් සාමි තුමන්ගේ උපදෙස් මත විධිමත් විෂය නිර්දේශයක් අනුව ක්‍රියාත්මක නේවාසික පුහුණු කඳවුරක් සැලසුම් කළේය.
එම කඳවුර බෝයිස් මැක්ලැරන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් බාලදක්ෂ ව්‍යාපාරයට හිමි වූ ගිල්වෙල් උද්‍යානයේ පැවැත්විය යුතු බව තීරණය කැළේය.
ලොව ප්‍රථම ලී පදක්කම් පාඨමාලාවට අධ්‍යක්ෂකවරයෙක්
වර්තමානය දක්වාම පවත්වන සෑම පාඨමාලාවකටම පාඨමාලා අධ්‍යක්ෂවරයෙක් සිටී. එය ආරම්භ වූයේ 1919 සැප්තැම්බර් මාසයේ 8 සිට 19 දක්වා පැවැත්වූ “ප්‍රථම ලී පදක්කම්* පාඨමාලාවෙන්ය.
එම පාඨමාලාව අධ්‍යක්ෂණය කිරීමේ වගකීම ගිල්වෙල් උද්‍යානයේ ප්‍රධානි තනතුර දැරෑ සර් ෆැන්සිස් ග්‍රිඩ්නි හට පවරන ලද්දේය. බේඩ්න් පවෙල් සාමි තුමා එම තනතුරින් බැහැර වූයේ පාඨමාලාවේ සියලු දේශන තමා විසින්ම සිදුකළ යුතු නිසාවෙන්ය.
ගිගුරැම් සහිත වැස්ස
අද දක්වාම පවත්වන ලද බොහෝ ලී පදක්කම් පාඨමාලා අතරතුර දී ධාරානිපාත වැසි ඇදහැලිණි. එවැනිම වූ අපූරැ වැස්සක් දින කිහිපයක දී ඇද වැටුණු බව ප්‍රථම පාඨාමාලා අධ්‍යක්ෂ සර් ෆැන්සිස් ග්‍රිඩ්නි ලොග් පොතේ සටහන් කළේ මේ අයුරින්ය.
“මෙහි උපදේශාත්මක වටිනාකමක් ඇත. තද ගිගුරැම් සහිත ධාරානිපාත වැස්සක් හැරැණු විට සහභාගි වූවන් හොඳ කාලගුණයක් භූක්ති වින්දෝය ....*
ප්‍රථම ලී පදක්කම් පාඨමාලාවේ සැකැස්ම
දින කිහිපයක් නේවාසික බාලදක්ෂයින්ගේ කාලය නාස්ති නොවිය යුතු බව බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අභිමතය විය. ඒ අනුව සංවිධානය කළ ප්‍රමුඛ සැසි කිහිපයක් මේ අයුරින් සඳහන් කළ හැක.
• චරිත පුහුණුව. • වෘත්තියක් කෙරෙහි ස්වයං අවධානය යොමු කිරීම. • ශාරිරික සෞඛ්‍ය හා සංවර්ධනය. • ආගමික පදනමක් ලෙස සලකා අන්‍යයන්ට සේවය කිරීම. • ළමුන් පුහුණු කිරීමේ ජාතික වැදගත්කම. • පුරවැසි භාවය හා බැඳුණු ජාතිමාමක හැඟීම.
මෙහි දැක්වෙන කරැණු අතරින් වඩා ආකර්ෂණීයතම කරැණ වන්නේ “වෘත්තියක් කෙරෙහි ස්වයං අවධානය යොමු කිරීම* යන කරැණයි. සෙසු සියලු කරැණු ජයග්‍රහණය කළ යුතු බාලදක්ෂයා තමන් වඩාත්ම කැමති වෘත්තීය ජීවිතයකට ක්‍රමිකව නැඹුරැ විය යුතු වෙයි.
එය ප්‍රායෝගිකව අත්හදා බලමින් විෂය තෝරා ගැනීම සඳහා බාලදක්ෂ ප්‍රවීණතා පදක්කම් මාලාවක් බාලදක්ෂයින් වෙත හඳුන්වා දී ඇත.
පළමු ලී පදක්කම් පාඨමාලා මංගල්‍ය පැවැත්වෙයි
අද දක්වාම පවත්වන ලී පදක්කම් පාඨමාලාවක අපූරැ සාදයක් පවත්වනු ලබයි. එහි ඉතිහාසය අවුරැදු සියයක්ය. බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක ප්‍රථම ලී පදක්කම් පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් ලන්ඩනයේ ප්‍රමුඛ පෙළේ සමාජ ශාලාවක දිවා භෝජන සංග්‍රහයක් සූදානම් කළේය.
එහිදී දිවා භෝජනයෙන් පසු අධිරාජ්‍ය මූලස්ථානයේ සංචාරයක් සඳහා සහභාගී විය. ඉන් අනතුරැව උදා වූයේ පාඨමාලාව නිමා කිරීමේ අවසාන කතාවයි. එය බේඩ්න් පවෙල් සාමිතුමන් විසින් මෙසේ සිදුකරනු ලැබුවේය.
“මෙය ඔබගේ අවසන් පුහුණුව යැයි නොසිතන්න. දැන් ඔබ පැමිණ සිටින්නේ රන් රිදී මිණි මුතු මැණික් හෝ අන්කවර ධන නිධානයකටත් වටිනා දෙයක් ඇති මන්දිරයක් අභියසටය. මේ පුහුණුව මගින් සිදුකරනු ලැබුවේ එහි ප්‍රධාන දොරටුවේ යතුරැ කට සිදුරින් එහි ඇතුළත පරීක්ෂා කළ බැලීමක් පමණි. එහි දොරටුව විවර කර ගැනුමේ යතුර ඇත්තේ ඔබ සුරතේය. එමෙන්ම එම සුවිශේෂී වරප්‍රසාදය ලැබෙනුයේ ද ඔබට පමණි. ඒ ඔබ බාලදක්ෂ නායකයෙකු හෙයින්ය. මේ අපූරැ මන්දිරය ඇතුළත ඇති වටිනා ධන නිධානය සහ වරප්‍රසාදය නම් මේ ලෝකය වඩාත් හොඳ ලෝකයක් බවට පත් කිරීමට ඇති බලයයි. වෙන කවර කෙනෙකුට හෝ හිමි නොවන ඔබට පමණක්ම හිමි වූ එම වරප්‍රසාදයෙන් ප්‍රයෝජන ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.*
බේඩ්න් පවෙල් සාමිතුමන් ඔහු ජීවත් වූ ලෝකය දෙස බැලුවේ එලෙසින්ය. සැබැවින්ම එය වත්මන් බාලදක්ෂයින් හට ද ආදර්ශවත් කතාවක්ය.
Reply To:
Name - Reply Comment
0 Comments