ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය
- 2018-08-22 13:05:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ බාලදක්ෂයෝ විවිධ අදහස් ලෝකයට විසුරැවා හරිති. ඒ අතර බාලදක්ෂ ලෝකයේ වාර්ෂික කැලැන්ඩරයේ කැපී පෙනෙන දිනයක් වෙන්වී ඇත. එනම් ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය අගෝස්තු පළමුවෙනිදාට යෙදීමය. ඔබ බාලදක්ෂයෙකු නම් එදිනට කරලේන්සුව පැලඳ ගනිමින් එම දිනය ගත කිරීමෙන් ලෝක බාලදක්ෂ කරලේන්සු දින සැමරැමට එක්විය හැක. නිවසේ විවේකීව සිටින ආදි බාලදක්ෂයකු නම් නිවසේ හිඳිමින් කරලේන්සුව පැලඳිය හැක. ඔබ කාර්යාල සේවකයකු නම් එදිනට ටයි පටිය වෙනුවට කරලේන්සුව පැලඳිය හැක.
අභිමානය සිහිපත් කිරීම
එපමණක් නොව පාසල් යන ඔබ පාසලේ නිල ඇඳුමේ කමිසයට කරලේන්සුව පැලඳිය හැක. ඔබ බාලදක්ෂ සමූහයේ සමූහ නායක ලෙස විදුහල්පතිතුමා හෝ තුමිය වෙතද කරලේන්සුවක් පලඳවා ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය නිල වශයෙන් විදුහල තුළ චාම් උත්සවයක් සංවිධාන කළ හැක. ඔබ සිටින ස්ථානය, රුකියාව, තරාතිරම කුමක් වුවද ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී බාලදක්ෂයකු වීමේ අභිමානය සිහිපත් කිරීම මෙයින් සිදුවෙයි. එමෙන්ම ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී තවත් අපූරැ දෙයක් ද සිදුවෙයි. ඔබ කැමතිම යහළුවා හට කරලේන්සුවක් පැලඳවීමට අවස්ථාවක් ලැබෙයි. ඔහු බාලදක්ෂයකු නොවුවද කමක් නැත.
සුරතලාට ද කරලේන්සුවක්
එතැනින් නොවතින ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී ඔබ ආදරය කරන සුරතලාට ද කරලේන්සුවක් පැලඳවීමට අවස්ථාවක් ලැබෙයි. එබැවින් 2108 ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයට සක්‍රීය දායකත්වයක් ඔබ ලබාදුන් ආකාරය විජය බාලදක්ෂ කඳවුරේ ඡායාරෑප විශේෂාංගයකින් ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරමු. ඒ සඳහා ඔබ කළ යුත්තේ කරලේන්සුවක් සහිතව ඔබ, ඔබේ යාළුවා හෝ සුරතලා සමග ලබාගත් ඡායාරෑපයක් විජය බාලදක්ෂ කඳවුර විජය ළමා පුවත්පත, තැ.පෙ. 2037 යන ලිපිනයට නම, ලිපිනය සමග යොමු කිරීම පමණි.
Reply To:
Name - Reply Comment
0 Comments