ලෝක බාලදක්ෂ ජම්බෝරියට සියල්ල සූදානම් !
- 2019-01-07 11:45:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන්නේ වසර හතරකට වරකි. මෙවර ලෝක බාලදක්ෂ ජම්බෝරිය ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ලෝක බාලදක්ෂ බියුරෝව නිවේදනය කර ඇත. මීට වසර දෙකකට පෙරදී ලෝක බාලදක්ෂ ජම්බෝරි භූමියේ ආරම්භ කළ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් කොට ඇත. මෙහි දැක්වෙන්නේ මනරම් ජලාශයකට යාබදව පිහිටා ඇති බාලදක්ෂයින් 35000 ක් එකවර කඳවුරැ බඳින එම දැවැන්ත කඳවුරැ භූමියයි.
ප්‍රධාන උප කඳවුරැ හයයි

ලෝක ජම්බෝරියට පැමිණෙන බාලදක්ෂයෝ ප්‍රධාන උප කඳවුරැ හයකට බෙදෙති. A සිට F දක්වා ඉංග්‍රීසි අකුරැ හය උච්චාරණය වන අයුරින් ප්‍රධාන උප කඳවුරැ බෙදා ඇත. ඒවා ජාත්‍යන්තරව පිළිගත් ඇල්ෆා, බ්‍රාවෝ, චාලි, ඩෙල්ටා, එකෝ සහ ෆොක්ස්ත්‍රොට් යන නම්වලින් හඳුන්වා ඇත. ප්‍රධාන උප කඳවුරැවලට පැමිණෙන බාලදක්ෂයින් තවත් අනු උප කඳවුරැ හතරකට බෙදා වෙන් කරන්නේ කටයුතු පහසු කරගැනීම සඳහායි. ඒ අනුව ලෝක බාලදක්ෂ ජම්බෝරිය අනු උප කඳවුරැ 24 කින් සමන්විත වෙයි. සනීපාරක්ෂාව, සෞඛ්‍යය, දුරකථන, නව මාධ්‍ය, ආරක්ෂාව, ආහාර, ජලය, වැසිකිළි ආදී කඳවුරැ දිවියට අත්‍යවශ්‍ය අංග සියල්ල මේ වනවිට සම්පාදනය කොට ඇත.
රටවල් 157 කින් බාලදක්ෂයෝ

රටවල් 157 කින් පැමිණෙන බාලදක්ෂයන් එකම ස්ථානයක කඳවුරැ බැඳීමට නියමිතය. කඳවුරැ භූමියට පැමිණෙන බාලදක්ෂයින් තිස් පන්දහසකගේ වැඩසටහන් මෙහෙයවන්නේ වැඩිහිටි බාලදක්ෂයින් 10 000 කගෙන් යුත් ජාත්‍යන්තර සේවා කණ්ඩායමයි. (I.S.T). මේ සඳහා ඔබ සහභාගි වීමට කැමති නම් 24 වෙනි ලෝක බාලදක්ෂ ජම්බෝරි නිල වෙබ් අඩවියට පිවිස තොරතුරැ ලබාගත යුතුය.
ජම්බෝරි ගීතය නිර්මාණය කිරීමට ඔබට ඇරයුම්

ලෝක බාලදක්ෂ ජම්බෝරියේ ගායනා කරන ගීතය නිර්මාණය කිරීමට ඔබට ද දායක විය හැකිය. මිත්‍රත්වය, සාමය, විවිධත්වය, සහයෝගිතාව, නායකත්වය, පුරෝගාමිත්වය හා බැඳුණු ධෛර්යය සම්පන්න බව වැනි මාතෘකා අතුරින් ජම්බෝරි ගීතය නිර්මාණය කළ යුතුය. පද මාලාවට උචිත තනුවක් ඔබම නිර්මාණය කළ යුතුය. ජම්බෝරි ගීතය song.wsj 2019 @ gmail.com වෙත ඊමේල් කළ යුතුය. එය ජාත්‍යන්තර තරගයක් ආකාරයෙන් විනිශ්චය කරනු ඇත.
ලෝක බාලදක්ෂ ජම්බෝරියක් කුමට ද ?

මෙය බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමි තුමන්ගේ අදහසක්ය. ලෝකයේ මිනිසුන් අතර සාමය, එකිනෙකා අතර තේරැම් ගැනීමට ඉඩකඩ ලබාදීම, එකිනෙකාට ගරැ කිරීම, විවිධ පුරෝගාමී ධීර ක්‍රියා හා විවිධ සමාජ සංස්කෘති හඳුනාගැනීම සඳහා එකම වේදිකාවක් බාලදක්ෂයින් වෙත නිර්මාණය කර දීම ලෝක බාලදක්ෂ ජම්බෝරියක් පැවැත්වීමේ ප්‍රධාන අරමුණු වේ.
Reply To:
Name - Reply Comment
0 Comments