Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නොබෝ දිනකින් පැවැත්වෙන 24 වැනි ලෝක බාලදක්ෂ ජම් බෝරියේ මාධ්‍ය මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇත. නිල වේබ් අඩවිය සහ සමාජ ජාල භාවිත කරමින් ජම්බෝරි උණුසුම ලෝකය පුරා පතුරවා ඇත.
ජම්බෝරියට ප්‍රචාරය අත්‍යවශ්‍ය ද?
දේශිය හා කලාපීය මට්ටමේ බාලදක්ෂ නායකයින් නිරතුරැව ඉස්මතු කරන ප්‍රශ්නයක් මෙහි දක්වා ඇත. මාධ්‍ය ප්‍රචාරය අත්‍යවශ්‍ය අංගයක් නොවන බව ඔවුන්ගේ අදහස වී ඇත. 
එහෙත් ලෝක බාලදක්ෂ ජම්බෝරිය සංවිධායකයින් මාධ්‍ය ප්‍රචාරය හා ප්‍රසිද්ධිය ලෝක ජම්බෝරියට පමණක් නොව සියලුම ජාතික ජම්බෝරි වලට අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්වා  දී ඇත. 
 දශකයකට පෙර නොතිබුණු බහු මාධ්‍ය මෙවලම් වර්තමානය වන විට පරිහරණය කිරීම ඊට හේතුවයි. අත්‍යවශ්‍ය පණිවිඩ ඉතා වේගයෙන් ඊ මේල් හරහා යැවිය හැක. එමගින් පණිවිඩ හුවමාරැව වේගවත් කළ හැකි බවත් කාලය ඉතිරි කරගත හැකි  බවත් පෙන්වා දෙයි. ජම්බෝරියේ සියලු යාවත්කාලීන වූ තොරතුරැ නිල වෙබ් අඩවියේ දිනපතා අලුත් වෙයි. 

සෑම කණ්ඩායමකටම මාධ්‍ය වේදියෙක්
 රටවල් නියෝජනය කරමින් ලෝක බාලදක්ෂ ජම්බෝරියට පැමිණෙන රටවල් 150කට අධික බාලදක්ෂ කණ්ඩායම් සදහා බාලදක්ෂ මාධ්‍යවේදියකු පත් කළ යුතු බව ජම්බෝරි සංවිධායකයින් තීරණය කර ඇත. 
ඉදිරියේ පවත්වන ඕනෑම බාලදක්ෂ ක්‍රියාකාරකමක් සඳහා මෙම ක්‍රමය ආදේශ කළ යුතු බව පෙන්වා දෙයි. මෙම ක්‍රමය දේශීය මට්ටමින් පවත්වන ජාතික ජම්බෝරි සඳහා ද යොදා ගත හැක. 

බාලදක්ෂ මාධ්‍ය කරැවාට වෘත්තිය පුහුණුවක්
 ලෝක බාලදක්ෂ ජම්බෝරියේ මාධ්‍ය හා ප්‍රචාරන සඳහා සහභාගී වන කණ්ඩායම් නියෝජනය කරන බාලදක්ෂ මාධ්‍ය වේදීන් දෙසීයක් දෙනා වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. එය ජාත්‍යන්තරය පිළිගත්  මාධ්‍ය වේදීන් යොදා ගනිමින් සිදු කරන මාධ්‍ය වැඩමුළුවක් ලෙසින් සංවිධානය කොට ඇත. 
ජම්බෝරි ප්‍රවර්ධක තනතුර
 24 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වන බාලදක්ෂ මාධ්‍ය වේදීන් හඳුන්වන්නේ ජම්බෝරි ප්‍රවර්ධකයින් ලෙසයි. මින් පෙර මෙවැනි තනතුරක් හඳුන්වා දී නොමැති අතර ජම්බෝරි ප්‍රවර්ධකයා වෙත පැවරෙන කාර්ය විස්තරාත්මකව හඳුන්වා දෙන්නේ  මෙවර ලෝක බාලදක්ෂ ජම්බෝරියේදීය. 
පංච විධ ක්‍රම විශ්ලේෂණ න්‍යාය හඳුන්වා දෙයි
 ජාතික ජම්බෝරියකදී වුවද භාවිතයට ගත හැකි මෙම ආකෘතිය ඉතාම නිරවුල්ය. ලෝක ජම්බෝරියට සහභාගී වන තිස් පන්දහසක් දෙනා මෙසේ වර්ග කෙරෙති. 

ජම්බෝරියට සහභාගී වන්නෝ
ජාත්‍යන්තර සේවා කණ්ඩායම
කණ්ඩායම් නායකයෝ
මවුපියෝ
ජම්බෝරි ප්‍රවර්ධකයෝ

මීට අමතරව බාලදක්ෂ වෙළෙඳසැල ලියාපදිංචි ගාස්තු, පුහුණු වීම් වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩල යොදවා ඇත. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.