Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික සේවා හා මහජන සබඳතා සතියේ දී බාලදක්ෂ ඔබ ජනතාව වෙනුවෙන් සේවයක් කිරීමට බැඳී සිටින බව කිව යුතුය. එය කිසිඳු හේතුවක් මත මග නොහැරිය යුතුය.
 ශ්‍රී ලංකාවේ සියලුම බාලදක්ෂ කණ්ඩායම් ඒ සඳහා බල ගන්වමින් සක්‍රීය දායකත්වයක් ලබා දීමට පෙලඹ වීම සියලු දිසා කොමසාරිස්වරැන්ගේ වගකීම හා යුතුකම වෙයි. 
කෙසේ වුවද ජාතික සේවා සතියේ සේවයෙහි නියැළෙන ඔබට නිතර ප්‍රයෝජනවත් වන බාලදක්ෂ ශිල්ප ක්‍රම කිහිපයක් මෙහි දක්වා ඇත. ඒවා මැනවින් පූර්ව අභ්‍යාස කොට ජාතික සේවා සතියෙහි නියැළිය හැක.

අදින්න
වත්තක් උදලු ගා ශුද්ධ පවිත්‍ර කරන විට බරින් වැඩි දිරා ගිය කොටස් එහා මෙහා කිරීමට අවශ්‍ය වූ විටක කඳන් ගැටය ප්‍රයෝජනයට ගන්නේ මෙහි දැක්වෙන ආකාරයටයි. 
ශක්තිමත් ලණුවක් වම්පස ක්‍රියාකාරී අන්තය කඳ වටා යවා වෙළුම් කිහිපයකින් ලණුව හිර කිරීම රෑපයේ පරිදි සිදුකළ යුතුය. 
ඉන්පසු කොටය චලනය කිරීම ලණුවේ දකුණු පස ක්‍රියාකාරී අන්තයෙන් සිදුකළ යුතුය. කොටය බරින් වැඩි නම් පොළොව මඩ සහිත නම් ඝර්ෂණය හැකිතාක් අවම කළ යුතුය. ඒ සඳහා රෝලර් තුනක් යොදා ගත හැක. 
අලවංගුවක් යොදා කොටය යටින් එක් රෝලරයක් තැබිය යුතුය. ඉන් පසු කොටයේ බඳ ප්‍රදේශයට තවත් රෝලරයක් රිංගවිය යුතුය. තුන්වැනි රෝලරය කොටයේ කෙළවරට අඩියක් ඉදිරියෙන් කඳට යටින් තැබිය යුතුය. 
කොටය අදින ලණුවට බාලදක්ෂින් කිහිප දෙනකු යොදවා ශක්ති සම්පන්න බාලදක්ෂයකු අලවංගුවට යෙදවිය යුතුය.
 අලවංගුවේ පැතැලි පෘෂ්ඨය කොටසේ යට මායිමට ස්පර්ශ කරමින් ක්‍රමිකව ඉදිරියට තල්ලු කළ යුතුය.ලීවරයක් සේ අලවංගුව ක්‍රියාත්මක කළ යුතුය. ලීවරයේ ආධාරයෙන් කොටය ගමන් කරවිය යුතු දිශාව වෙනස් කළ හැක.

එල්ලන්න


අස්පස් කරන බඩු ගබඩාවක එල්ලා තැබීමට මෙම ක්‍රමය සුදුසුය. එහිදී ලණුව දෙකට නමා එහි නැමුම එසවීමට අපේක්ෂිත පෘෂ්ඨයට යටින් රිංගවිය යුතුය. 
ඉන් අනතුරැව ලණුවේ වම් සහ දකුණු ක්‍රියාකාරී අන්ත ඉහළට රුගෙන රෑපයේ දැක්වෙන අයුරින් ගැටගැසිය යුතුය. ඉහළට එසවෙන ලණුවේ පහළට ජීවිතාරක්ෂක ගැටය යෙදිය යුතුය.

ජීවිතාරක්ෂක ගැටය
ගැටයට යොදා ඇති නමෙහි ධ්වනිතාර්ථය ඔබ දනී. එබැවින් අවදානමක් ඇති තැනක යම් කාර්යයක් සිදුකරන විට ජීවිතාරක්ෂක ගැටය ඉණට යෙදිය යුතුය. එය යොදන්නේ රෑපයේ දැක්වෙන ආකාරයටයි. 
එක් අතක් පමණක් ප්‍රයෝජනයට ගනිමින් ජීවිතාරක්ෂක ගැටය යොදන ආකාරය බාලදක්ෂ ආචාර්ය වරයාගෙන් උගත යුතුය. ඉතා වේගයෙන් අත චලනය කරමින් ජීවිතාරක්ෂක ගැටය යෙදීමට සෑම බාලදක්ෂයකුම කාර්ය ශූර විය යුතුය.

ක්ෂණික ඇටවුම්
සේවයෙහි යෙදෙන ඔබ බිත්තියක තීන්ත ගාන විට ක්ෂණික ඇටවුම් ප්‍රයෝජනයට ගත හැක. ඉණිමග, ලැඩරය, බංකුව මේ සඳහා යොදා ගත හැක. තීන්ත ආලේප කිරීමට පෙර ක්ෂණික ඇටවුම් සියල්ල ශක්තිමත්ව ඇතිදැයි පරීක්ෂා කළ යුතුය. 
ඇණ බුරැල් වී ඇත්නම් අලුතින් යකඩ ඇණ එම ස්ථානවලට ආදේශ කළ යුතුය. ලී ඉණිමගේ හරස් අතට යොදා ඇති සියලුම ලී පටි පරීක්ෂා කර බලා ඉන්පසු ඊට ගොඩවිය යුතුය.
 පොළොව සහ බිත්තිය අතර ඉණිමග ස්ථානගත කළ යුත්තේ අවදානම් රහිත කෝණයකින්ය. ලැඩරය ප්‍රයෝජනයට ගනු ලබන සෑම විටම එය “A* හැඩයට ස්ථානගත කළ යුතුය. සමතලා පොළොවක පමණක් “A* ආකෘතියක ලැඩරයක් ස්ථානගත කළ යුතුය.
 ලී බංකුවකට හෝ ලීයෙන් නිර්මාණය කළ බූරැවකු පිටට ගොඩවීමට ප්‍රථමව එහි ශක්තිය පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුය. 
දිරාගිය ලෑලි හෝ ලී දඬු එහි ඇත්නම් එය පැරණි එකක්ය. එවැනි ලී බංකුවක් මතට ගොඩවී සේවයෙහි යෙදීම අවදානම් සහගතය. එබැවින් එසේ නොකළ යුතුය.

ස්ට්‍රිංගරය, ට්‍රින්කාව සහ කැරබයිනරය


එළිමහනේ දී නිතර ප්‍රයෝජනවත් උපකරණ තුනක්ය. එනම් ස්ට්‍රිංගරය, ට්‍රින්කාව සහ කැරබයිනර ය. මෙම උපකරණ බාලදක්ෂ ඔබගේ ගමන් මල්ලෙහි නිතර රුගෙන යා යුතුය. 
එය බාලදක්ෂ ගැට ලණුව අසලම තැබිය යුතුය. බාලදක්ෂ ගැට ලණුව ප්‍රයෝජනයට ගැනීමේ දී මෙම උපකරණ ත්‍රිත්වය නිවැරදිව ප්‍රයෝජනයට ගන්නා ආකාරය බාලදක්ෂ ආචාර්යවරයාගෙන් අසා දැනගන්න.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.