විකල්ප ගමන් මල්ලක් සකසා ගනිමු
- 2019-05-03 16:16:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාලදක්ෂ එළිමහන් කඳවුරක දිවි ගෙවන අතරතුර දී හෝ වනගත ගවේෂණයක දී ඔබගේ ගමන් මල්ල ඉරැණ හොත් එවිට ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ගයක් දෙකක් මෙහි දක්වා ඇත.

ඩෙනිම් කලිසම් ගමන් මල්ලක් සකසා ගන්න
ඩෙනිම් රෙද්දෙන් මැසූ ශක්තිමත් දිග කලිසමක් මේ සඳහා වඩාත් සුදුසුය. ප්‍රථමයෙන් දිග කලිසමේ කකුල් දෙකෙහි කෙලවර ගැට ගැසිය යුතුය. ඉන්පසු හානියට පත් වූ ගමන් මල්ලේ ඇති සියලු දේ කලිසමට පිරවීම ආරම්භ කළ යුතුය. එහිදී කකුල් දෙක ප්‍රදේශයේ සංචිත කළ යුත්තේ සපත්තු මේස්, යට ඇඳුම්, තුවාය, බැනියම්ය. කලිසමේ උකුල සහ පසුපස ප්‍රදේශය තුළ ගමන් මල්ලේ ඉතිරි වී ඇති සමස්තය ඇසිරීම ඉන් අනතුරැව කළ හැකිය. එහිදී රෑපයේ දැක්වෙන පරිදි පාගමන්කරැගේ කශේරැකාව හා ගැටෙන ප්‍රදේශයට හානියක් නොවෙන පරිදි භාණ්ඩ ඇසිරීමට වගබලා ගත යුතුය.
කලිසම් ගමන් මල්ල කරේ එල්ලා ගැනීම
භාණ්ඩ ඇසුරෑ කලිසමෙන් ඒ තුළ ඇති දෑ එළියට නොඑන පරිදි කලිසමේ ඉණ ප්‍රදේශය ගැටගැසිය යුතුය. බඳ පටිය රිංගවන &ලූප්* ඇතුළින් ලණු පොටක් යවා එය මැනවින් තද කර ගැටගැසිය යුතුය. රෑපයේ දැක්වෙන පරිදි ගැට ගැසූ කලිසම් ගමන් මල්ල පාගමන්කරැගේ උරහිස මත තබා ගැට ගැසීම ඉන්පසුව කළ හැකිය.
ගෝනි පඩංගු ගමන් මල්ල
ගමන් මල්ල හානි වූ ඔබට ශක්තිමත් ගෝනියක් සොයා ගත හැකි නම් එසැණින් විකල්ප ගමන් මල්ලක් නිර්මාණය කළ හැකිය. රෑපයේ දැක්වෙන පරිදි ගමන් මල්ලට භාණ්ඩ පුරවා ශක්තිමත් ගැට ලණුවකින් ගෝනි කට ගැට ගැසිය යුතුය. එම ස්ථානයට කොස් පට්ටා ගැටය හෝ දෙපට කොස් පට්ටා ගැටය යෙදිය හැකි නම් අවශ්‍ය වූ විටක දී ක්ෂණිකව ලිහාගත හැකිය. ඉන්පසු ලණුවේ ක්‍රියාකාරී අන්ත රෑපයේ දැක්වෙන පරිදි ගෝනියේ පහළ දෙකෙලවර නොගැලවෙන ලෙස ගැටගැසිය යුතුය. එසේ කිරීමෙන් පසු ගෝනි පඩංගු ගමන් මල්ල පාගමන්කරැගේ උරහිස මත එල්ලා ගෙන යා හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments