සිදුරැ තුනේ ට්‍රින්කාව
- 2018-07-20 13:42:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුරෝගාමීන් හා වත්මන් බාලදක්ෂයින් විසින් එළිමහන් කඳවුරැවල දී ප්‍රයෝජනයට ගනු ලබන අලුත් උපකරණ පිළිබඳව වරින්වර හඳුන්වා දුනිමු. මෙය ද එවැනි ම උත්සාහයක්ය. මෙම උපකරණය හැඳින්වෙන්නේ ට්‍රින්කාව යනුවෙනි.
ට්‍රින්කාව හඳුනාගනිමු
ට්‍රින්කාව ශක්තිමත් වානේවලින් සැදූ සිදුරැ තුනක් සහිත පැතලි තහඩු කැබැල්ලක් වැන්නකි. මෙහි ඇති විශේෂ හැඩය නිසා විශාල බරක් දරාගත හැකිය.
ට්‍රින්කාව අවශ්‍ය වන්නේ කුමකට ද ?
එළිමහන් කඳවුරැවල දී කූඩාරම් ඉදිකරන විටත්, කාලීන උපකරණ සාදන විටත් ශක්තිමත් කෝඩ් ලණු භාවිතයට ගනියි. අනවශ්‍ය ලෙස දෙපැත්තට ඇදෙන කෝඩ් ලණු ක්ෂණිකව කැඩෙයි. එහෙත් කෝඩ් ලණුව මැදට ට්‍රින්කාවක් යෙදීමෙන් කෝඩ් ලණුව ආරක්ෂා කරගත හැකිය.
ට්‍රින්කාව ප්‍රයෝජනයට ගැනීම
කෝඩ් ලණු ට්‍රින්කාව ට ගැටගසන ආකාර කිහිපයක් මෙහි දක්වා ඇත. සිරස් අතට සහ තිරස් අතට ස්ථානගත කළ යුතු ට්‍රින්කාවේ කෝඩ් ලණු ගැට ගසන්නේ රෑපයේ දැක්වෙන ආකාරයටය.
සිරස් අතට ට්‍රින්කාව ස්ථානගත කිරීම
ට්‍රින්කාවේ ඇති සිදුරැ තුන ප්‍රමාණයෙන් කුඩා, මධ්‍යම හා විශාල වේ. පළමුවෙන් මධ්‍යම ප්‍රමාණයේ සිදුරින් කෝඩ් ලණුවේ ක්‍රියාකාරී එක් අන්තයක් ගැටගැසිය යුතුය. ඒ සඳහා යෙදිය යුත්තේ මෙහි දැක්වෙන ගැටයයි. එය රැවල් ගැටයට බෙහෙවින් සමානය.
ඉන් අනතුරැව ට්‍රින්කාවේ විශාල සිදුර පහතට සිටින ලෙස ස්ථානගත කොට ඒ තුළින් කෝඩ් ලණුවේ ඉතිරි වී ඇති ක්‍රියාකාරී අන්තය රිංගවිය යුතුය. එසේ කිරීමෙන් වස්තුව හා ලණු පොටවල් අතර පරතරය ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකිවෙයි. කඳවුරේ ලන්තෑරැමක් එල්ලා තැබීමට ට්‍රින්කාවක් ප්‍රයෝජනයට ගත යුත්තේ රෑපයේ පෙන්වා දී ඇති ක්‍රමයටය.
තිරස් අතට ට්‍රින්කාවක් ස්ථානගත කිරීම
දෙපසට ඇදෙන කෝඩ් ලණුවක් මැදට ට්‍රින්කාවක් යොදන ආකාරය රෑපයේ දක්වා ඇත. මධ්‍යම සිදුරෙහි ගැට ගැසූ කෝඩ් ලණුවේ ක්‍රියාකාරී අන්ත විශාල සිදුර තුළින් යැවිය යුතුය. එමෙන්ම ට්‍රින්කාවේ විශාල සිදුර එක් දිශාවකට ඇලව හැඩ වී ස්ථානගත විය යුතුය.
සැ:යු:
කෝඩ් ලණුවේ ක්‍රියාකාරී අන්තය කෙළවර ලණු අග වෙළිය නොහැකි නම් එම ස්ථාන ගිනි කූරකින් පුලුස්සා දැමිය යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments