හරි මගේ ඉණිමග තැබූ පෙරල්ඩ් සර්
- 2019-01-18 15:19:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ හිටපු පුහුණු කිරීමේ කොමසාරිස්වරැන් අතර ඇම්.පී.පෙරල්ඩ් ඇම්. කුරේ මැතිතුමාට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි. ජීවිතයේ සැඳෑ සුවය අත්විඳින පිරිපුන් බාලදක්ෂ පුහුණුකරැවකු වූ එතුමන් කා අතරත් ජනප්‍රිය වූයේ පෙරල්ඩ් සර් යන නමින්ය.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් වෙත පෙරල්ඩ් සර්ගේ ගුරැහරැකම් ලබා දීමට විජය බාලදක්ෂ කඳවුරින් අපි බලාපොරොත්තු වෙමු. ඒ සඳහා මීළඟ කලාපයේ සිට පෙරල්ඩ් සර්ගේ කොළම රචනා වෙයි. එහෙත් නවක බාලදක්ෂයින් වශයෙන් පෙරල්ඩ් සර් යනු කවුරැන් දැයි නිසිලෙස හඳුනාගත යුතුය.
පෙරල්ඩ් සර්ගේ පෞද්ගලික තොරතුරැ
මම ඉපදුණේ 1935 දී. මගේ තාත්තත් මම වගේම ගුරැවරයෙක්. නම විලියම් කුරේ. මගේ මව එම්. ඇග්නස්.
පෙරල්ඩ් සර්ගේ කුඩා කාලය ගැන විස්තර ටිකක්
මම ගියේ හැටන් හයිලන්ඩ් විදුහලට. 1943 දී මම පෝතක බාලදක්ෂයෙකු විදිහට බාලදක්ෂ ව්‍යාපාරයට එකතු වුණා. මගේ තාත්තගෙ අකල් මරණින් පස්සෙ අම්මයි, මමයි මොරටුවට පදිංචියට ආවා. එහිදී 14 වෙනි මොරටු බාලදක්ෂ කණ්ඩායමේ සේවයට එකතු වුණේ 1956 දී. ඒ අතරතුර කාලයේ මම බාලදක්ෂ ලී පදක්කම දිනාගන්න මහන්සි වුණා. 1972 දී ඒ උත්සාහය සාර්ථක වුණා. ඊට පස්සෙ මම පෝතක ලී පදක්කම, මානවක ලී පදක්කම, ත්‍රිත්ව ලී පදක්කම් දිනාගත්තා.
බාලදක්ෂ ක්ෂේත්‍රයට කළ සේවය
මොරටුව දිසාවේ දිසා කොමසාරිස් වශයෙන් කටයුතු කළා. අනූව දශකයේ ජාතික බාලදක්ෂ මූලස්ථානයට එකතු වුණා. ජාතික පුහුණු කිරීමේ ඉහළම තනතුර දැරැවා. නායක පුහුණු පාඨමාලා කිහිපයක් අධ්‍යක්ෂණය කළා.
බාලදක්ෂ දිවියේ අත්දැකීම්
එදා සිටම ශ්‍රී ලංකාවේ පැවැත්වූ ජාතික ජම්බෝරි, කබෝරි සියල්ලටම ක්‍රියාකාරීව සහයෝගය ලබා දුන්නා. විදේශීය ජම්බෝරි තුනකට සහභාගි වුණා. එහෙම ලබාගත් අත්දැකීම් නවක බාලදක්ෂයින්ට ඉගැන්වීමට සුදුසුම තැන විජය බාලදක්ෂ කඳවුර කියල හිතුණා. ඒ නිසාමයි විජය බාලදක්ෂ කඳවුරට මම එකතු වුණේ.
Reply To:
Name - Reply Comment
0 Comments