හරි හතරුස් කූඩාරම් පියස්ස ගැනයි
- 2018-12-20 23:15:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාණ්ඩ කඳවුරකට සහභාගි වන බාලදක්ෂයකුට කූඩාරමක් සොයා ගත නොහැකි විටක මෙම ක්‍රමය අනුගමනය කළ හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ ජලය නොරඳන රෙදි විශේෂයක් සොයා ගැනීම පමණි. ඉන් පසු රෑපයේ දැක්වෙන පරිදි අදාළ ස්ථානයන්හි රෙදිපටි කැබලි, පියසි රෙද්ද මත තබා මැසිය යුතුය. රෙදි පටි තබා මැසූ පියැසි රෙද්ද මෙහි දැක්වෙන පරිදි සකස් කළ යුතුය.
ප්‍රධාන ආකෘති හතර
පුහුණු වන්න
කූඩාරම් පියැසි රෙද්ද ප්‍රයෝජනයට ගෙන නිර්මාණය කළ හැකි ප්‍රධාන ආකෘති හතරක් ඇත. එකිනෙකට වෙනස් මෙම කූඩාරම් පියසි බාලදක්ෂයා හට තනිවම ඉදිකරගත හැකිය. ඔබ කඳවුරැ බඳින ස්ථානයේ අතේ උසින් ඉදිකළ යුතු මෙම කූඩාරම් පියස්සේ ලණු අසල ඇති ගසක අතුවල ගැට ගැසිය යුතුය. ඒ සඳහා කූඩාරම් පියසි රෙද්දෙහි මීට මසා ඇති රෙදි පටි ප්‍රයෝජනයට ගත යුතුය. මෙවැනි කූඩාරම් බාලදක්ෂ ක්‍රමයට ඉදිකරන ක්ෂණික කූඩාරම් ලෙසද හඳුන්වයි.
කූඩාරම් රෙද්ද කූඤ්ඤවල ගැට ගසන්න
කූඩාරමේ ලණු කූඤ්ඤවල ගැට ගැසීම සාම්ප්‍රදායික ක්‍රමයයි. එහෙත් මෙම ක්‍රම බාලදක්ෂයාට ආගන්තුක විය හැකිය. මීට පෙර කූඤ්ඤ මත ලණු ගැට ගැසුවේ වටයක් පැටලු වළලු දෙකේ ගැටය යෙදීමෙන්ය. එහෙත් මෙම ක්‍රමයේදී එය අනුගමනය නොකරයි.
ගැටයක් නොගසා පුඩුවක් සාදා තිරිංගයක් ආකාරයෙන් ලණුව ගැට ගසයි.
මෙහි දැක්වෙන ක්‍රම තුනෙන් එක ක්‍රමයක් අනුගමනය කරන්න.
පොළොවේ ගිල්වන කූඤ්ඤවල ඇද බඳින ලණු ගැට ගසන ආකාර තුනක් රෑපයේ පෙන්වා ඇත. ඒ අතරින් පුඩුවක් සකසා මෙම පුඩුව කූඤ්ඤය මත තිරිංගයක් ලෙස යොදා කූඩාරම් ලණුව ඇදිය යුතුය.
ඒ අයුරින් පියස්සේ ලණු ඇද බැඳීමෙන් කූඩාරම් පිසස්සට මනා හැඩයක් එක්වෙයි. කූඩාරම මතට වැටෙන දිය බිඳු එහි නොරුඳී වේගයෙන් පොළොවට පතිත වනු ඇත. එවිට කූඩාරම ඇතුළත නොතෙමේ.
Reply To:
Name - Reply Comment
0 Comments