25 වැනි ලෝක ජම්බෝරිය කොරියාවේ දී පැවැත්වෙයි
- 2017-09-26 21:57:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2023 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියේ සත්කාරක රට පිළිබඳව ජාත්‍යන්තර සාකච්ඡාවක් පැවැත්විණ. එහි දී එළඹුණු තීරණය පසුගිය දා අසර්බයිජාන් හි බාකු සම්මන්ත්‍රණ ශාලාවේ දී නිවේදනයට පත්කරනු ලැබූවේ ලෝක බාලදක්ෂ සංගමය විසිනි. ඡන්ද විමසීමෙන් අනතුරැව පෝලන්තය පරදවා ඡන්ද ලබාගත් කොරියානු බාලදක්ෂ සංගමය, 25 වෙනි ලෝක බාලදක්ෂ ජම්බෝරියේ සත්කාරක රට වශයෙන් තෝරාගන්නා ලදි. එම නිල නිවේදනයත් සමගම කොරියානු බාලදක්ෂ සංගමය ලෝක බාලදක්ෂයන් වෙත, සතුටුදායක නිවේදනයක් කළේය. එනම්, 2023 වර්ෂයේ දී 25 වෙනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වීමට කොරියාවට පැමිණෙන සියලුම බාලදක්ෂයින් සඳහා වැයවන ගුවන් ටිකට් පත් වියදම 50෴ කින් නිදහස් කරන බවය. ඊට අමතරව සෑම බාලදක්ෂයකුටම පෞද්ගලික කූඩාරමක් නොමිලේ සපයන බවද සඳහන් කළේ ය.
Reply To:
Name - Reply Comment
0 Comments