අපේ වැඩිහිටියෝ
- 2020-09-30 15:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ පියාගේ පියාට මම ආදරයට කීවේ ලොකු අප්පච්චි කියලා.මගේ පියාගේ අම්මට කීවේ කිරි අම්මා කියලා.කිරි අම්මයි ලොකු අප්පච්චි මට පුදුම ආදරයකින් හිටියේ.ඒ දෙන්නා අපි අතරින් සමුගෙන අවුරුදු කීපයක් ගත වුනා.ඒ දෙන්නටම නිවන් සුව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
කැතකුණු මගෙ අතගාලා මා හැදු මගෙ කිරි අම්මා
හොඳ දේ නිතරම කියලා දැනුම මිනුම ලබා දුන්නා
රටට දැයට හෙදියක් ලෙස සේවල නිති ඉටු කරලා
මාව දමා යන්න ගියා මගෙ ආදර කිරි අම්මා
පාසල් වැඩ කියා දුන්නු මගෙ ආදර කිරි අම්මා
ගමේ හිටිය කොයි කාටත් සේවය ඔබ නිති නිම්මා
කරුණා ගුණ නිමක් නැතිව ඔබ හද තුළ නිති තිබුණා
මතු බුදු වී නිවන් දකින් මගෙ ආදර කිරි අම්මා
සෙල්ලම් බඩු නිතරම අරගෙන මට ඔබ දුන්නා
ලෙඩදුක් සෑදුන විටදී මා අසලින් ඔබ උන්නා
දවසක් ලෙඩ වී සිටියදි වෙස් මුහුණක් ලැබ දුන්නා
මගෙ සීයේ මට මතකයි නුඹෙ ආදරෙ මට දුන්නා
රටට දැයට හොඳ දරුවෙක් වෙයන් මගෙ සුදු පුතා
කිව්ව විදිය මතක් වෙනවා මගෙ හිස අත ගාලා
වෙල් එළියේ දුව පනින්න නිතරම ඔබ සමග ගියා
අනේ සීයේ මතක් වෙද්දී දුක දැනෙනවා මට සැමදා
කිරි අම්මයි මගෙ සීයයි මා දමලා යන්න ගියා
මා දිහාම බලන් ඉදී වෙන ලෝකෙක ඉදලා
රටට දැයට සේවය කර හොඳ දරුවෙක් වෙලා
වැද පතනවා නිවන් යන්න ඔබ දෙපලට මම සැමදා
කේ.එම්.රජිදු ප්‍රභාෂ්වර
9 ශ්‍රේණිය
හලා/ආර බත්තුළුඔය මහා විද්‍යාලය,බත්තුළුඔය
Reply To:
Name - Reply Comment
0 Comments