සැම කරනෙමි මාව ගමට ගෙන්න ගනී නම්
- 2020-09-30 15:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හය වසරට ඉගෙන ගන්න කොළඹ ආවට
මට නම් බැහැ අම්මෙ මෙහේ තනියම ඉන්නට
ඔයා මාව එක්ක යන්න නාවොත් ඔන්න
මම තනියම ගෙදර එනව අම්මෙ විගහට
මම තනියම ගෙදර එනව අම්මෙ විගහට
ඇළේ බැහැල දිය නාන්න යළි මට ඇත්නම්
වෙලේ බැහැල මඩ නාන්න ආයෙ ලැබේනම්
කොස් කැලයේ රජ කරන්න යළි පුළුවන්නම්
ආසයි මම ගෙදර එන්න අම්මෙ අනේ දැන්
ආසයි මම ගෙදර එන්න අම්මෙ අනේ දැන්
පාඩම් පොත පතේ වැඩත් හොඳින් කරන්නම්
සෙල්ලමටයි ලෙල්ලමටයි වෙලා කපන්නම්
ඕනම නම් උපකාරක පන්තිත් යන්නම්
සැම කරෙනමි මාව ගමට ගෙන්න ගනී නම්
සැම කරෙනමි මාව ගමට ගෙන්න ගනී නම්
මේ මාසේ දිනක ඔයා මා හැමදාටම
ගෙදර එක්කරන් එන්න කොළඹ එනවද
හැබැයි ඔයා මා ගන්නට නාවොත් ඔන්න
හොරෙන්ම මම පැනල එනව ගමේ ඉන්නට
හොරෙන්ම මම පැනල එනව ගමේ ඉන්නට
ශශධරා දම්සත්මී සභාපතිගේ
7 ශ්‍රේණිය - ඩී
ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය
පානදුර
Reply To:
Name - Reply Comment
0 Comments