Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කළුතර දිසා වන නිලධාරි කාර්යාලය සහ මතුගම කලාප අධ්‍යාපන කාර්යලය සංවිධානය කළ හරිත රංගන කෙටි නාට්‍ය තරගාවලියේ අවසන් වටය මතුගම සී. ඩබ්ලිව් ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

කළුතර  දිසා වන නිලධාරි ගාමිණි කුමාර සිරි  මතුගම අඩවි වන නිලධාරි උපුල් විජයන්ත මතුගම අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්ය අධ්‍යක්ෂිකා තුෂාරි විතානච්චි කන්නන්ගර විදයාලයේ විදුහල්පති වසන්තා කුලසේකර යන මහත්ම මහත්මින් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහිදී අවසන් වටය  සඳහා නාට්‍ය පහක් තෙරී පත් වි තිබුණි.

මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල , මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය, අතලේ ගුරුළු බැද්ද මහා විද්‍යාලය , කඹුරාවල මහා විද්‍යාලය,  සහ යටදොළ කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් මේ සඳහා ඉදිරිපත් වු අතර මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල ඉදිරිපත් කළ වතුර ඇවිල්ලා නාට්‍යය මෙහිදි ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

තරඟාවලියේ හොඳම නළුවා ලෙස යටදොළ කනිෂ්ඨ විදයාලයේ ඇයි අපට මෙහෙම කරන්නේ නාට්‍යය වෙනුවෙන්   හෂාන් රන්දික සිසුවා දිනා ගත් අතර හොඳම නිළිය ලෙස කඹුරාවල මධ්‍යමහා විද්‍යාලයේ තුරු නසන තුරු නාය්‍යය වෙනුවෙන්  දිනිති  නිෂාදි සිසුවිය දිනා ගත්තේය.

තරගාවලියේ විනිසුරුවරියන් ලෙස මතුගම කලාපයේ සෞනදර්ය අධ්‍යක්ෂිකා තුෂානි විට්ටච්චි සෞනදර්ය ගුරු උපදේශිකා ශ්‍යාමලි බෝපිටිය සහ රේණුකා අල්විස් යන මහත්මින් එක්විය

නට්‍ය දර්ශන අතරතුර විදවත් දේශන කිහිපයක්ද පැවති අතර ඉංගිරිය අඩවි වන නිලධාරි එච් එම් හේරත්  සහ රූණ කන්ද රක්ෂිතයේ ජෛව විවිදත්ව පරිසර සංවිධානයේ පරිසරවේදී උදය චානක  මතුගම වන ව්‍යාප්ති නිලධාරි සුමිත් කුමාර යන මහත්වරුන් ඒ සඳහා එක් වුහ.

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

      DSC00387 DSC00415 IMG_5730 IMG_5767 IMG_5771 IMG_5800 Untitled-1-(1)

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.