ගාලු වාර්තා චිත්‍රපට සම්මාන උළෙලට නිර්මාණ ඉදිරිපත් කරන්න
- 2016-11-27 18:08:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත වාර්තා චිත්‍රපට සම්මාන උළෙල සඳහා දෙසැම්බර් 30 වෙනිදා තෙක් සිය නිර්මාණ ඉදිරිපත් කරන මෙන් සර්වා කලා සහ මාධ්‍ය ඇකඩමිය වෙනුවෙන් එම සංවිධායකයෝ සිනමා ශිල්පීන්ගෙන් ඉල්ලීමක් කරති. සම්පූර්ණයෙන් ම ප්‍රජාවෙන් ලැබෙන මුල්‍ය සහයෝගය මත යැපෙන මෙම උළෙලේ ප්‍රධානම හවුල්කරු ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය බව සංවිධායකයෝ පැවසූහ.
ගාලු වාර්තා චිත්‍රපට උළෙල පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන සංවිධායක මණ්ඩලයේ සේනාධි ගුරුගේ, සිනමා ලෝලීන් වාර්තා චිත්‍රපට කෙරෙහි යොමු නොවීමට ප්‍රධාන කරුණු කිහිපයක් පවතින බව බීබීසී සංදේශයට අදහස් දක්වමින් පවසා ඇත.
"එක ප්‍රධාන හේතුවක් තමයි, ලංකාවේ මිනිස්සුන්ට - සිංහල වේවා, දෙමළ වේවා - භාෂාව හම්බවෙලා ඇත්තටම අවුරුදු සීයක්වත් නැහැ," ඔහු පවසා ඇත.
සිනමාව, සාහිත්‍යය, සංගීතය හා විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙහි විනිශ්චය කටයුතු සිදු කෙරෙන අතර, ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙහි සම්මාන ප්‍රදානය කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව හොඳම වාර්තා චිත්‍රපටය, හොඳම පර්යේෂණය, හොඳම තිර රචනය, හොඳම කැමරාකරණය සහ හොඳම අධ්‍යක්ෂණය, හොඳම උත්සාහය යන ක්ෂේත්‍රයන් ඔස්සේ මෙහිදි සම්මාන ප්‍රදානය කෙරෙනු ඇත.
මෙම චිත්‍රපට උළෙල සඳහා 2011 වසරේ සිට මේ දක්වා කළ විනාඩි 01 සිට විනාඩි 90 දක්වා වන ඒකාංගික වාර්තා චිත්‍රපට පමණක් ඉදිරිපත් කළ හැකි අතර ජංගම දුරකතන වැනි නවීන තාක්ෂණය යොදාගනිමින් කළ නිර්මාණයන් ද ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇත. සම්මාන උළෙල 2017 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතය.
මෙහි තරඟාවලියට සුදුසුකම් ලබන්නේ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගේ පළමු, දෙවන හා තෙවැනි චිත්‍රපට පමණක් වන අතර, ප්‍රවීන අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණයන් ගරු කටයුතුව නිතරගයෙන් ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කොට ඇති අතර කාන්තාවන් සඳහා ප්‍රමුඛත්වයේ ලා සැලකීමට ද සංවිධායක කමිටුව තීරණය කර තිබේ.
සිනමාව, සාහිත්‍යය, සංගීතය හා විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන් 15දෙනෙකුගෙන් සම්න්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම වාර්තා චිත්‍රපට උළෙලේ විනිශ්චය කටයුතු සිදු කෙරෙන අතර, එම පිරිසට ඕස්ට්‍රේලියානු අධ්‍යක්ෂවරයෙකු සහ ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියෙකු ද අයත් වේ.
මෙම වාර්තා චිත්‍රපට උළෙල පිළිබඳ වැඩිදුර තොරතුරු sarwa.org@yahoo.com විද්‍යුත් ලිපිනයෙන් හෝ දුරකතන අංක 0767 909 909 / 0767 952 952 ඔස්සේ ලබාගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments