බියගම මැදි විදුහල් “නාද්‍යා ” 19 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී
- 2018-02-08 16:45:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බියගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ගායන, වාදන, නර්තන, රංගන එක්කර සෞන්දර්ය අංශය ඉදරිපත් කරනු ලබන නාද්‍යා ප්‍රසංගය පෙබරවාරි මස 19 වැනි දින පස්වරු 6.00 ට බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්තණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව විද්‍යාලීය සෞන්දර්ය අංශය නිවේදනය කර තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහාති ප්‍රමුඛ ප්‍රවීන සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ, ප්‍රවීන ගායන ශීල්පී ජගත් වීක්‍රමසිංහ, ගායන ශීල්පී හර්ෂණ දිසානායක සහ පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහත්වරු සහභාගී වීමට නියමිතය.
විදුහල්පති යු.වී. ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම මත කලා සංසදය සෞන්දර්ය අංශය සමග එක්ව සංවිධානය කරන මෙම ප්‍රසංගය නැරඹිම සඳහා විවෘත ආරාධනය කරන බව විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය සිසු පිරිස ආරාධනා කරයි. ප්‍රෙව්ශපත් විද්‍යාලයෙන් ලබාගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments