මහාචාර්ය අමරා රණතුංග සමුගනී
- 2018-10-16 09:57:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රවීන සංගීතවේදිනීයක වන මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්ප්‍රාප්ත වු බව පවුලේ ආරංචි මාර්ග පවසයි. ප්‍රවීන ගායන ශිල්පි දයාරත්න රණතුංග මහතාගේ බිරිඳ වන ඇය මිය යන විට ඇය 79 වැනි වියේ පසු වුවාය. මෙරට සංගීත කේෂ්ත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය ලෙස ඇය හැඳින්වේ. අමරා රණතුංගයන් සංගීත ක්‌ෂේත්‍රයට පිවිසියේ ගුවන්විදුලියේ ළමා පිටියෙනි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාවේ සංගීත හා සංගීත පර්යේෂණ අංශයේ ප්‍රථම අධ්‍යක්‍ෂවරයාය. කැලණිය විශ්වවිද්‍යාලයේ ගායන අංශයේ නිර්මාතෘවරිය ද ඇයයි. කැලණිය විශ්වවිද්‍යාලයේ, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මෙන්ම කැලිෙෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රීය සංගීතය, රාගධාරි සංගීතය මෙන්ම අපේ ජන සංගීතය ද ඉගැන්වූ මහාචාර්යවරියක් වන ඇයි සම්මානිත මහාචාර්යවරියකි. මහ රෑ යාමේ, සපුමල් සුවඳක් සේ, එක කිරුළක් පළදින්නට බෑ, චාමර පවන් සලා, ආදර සතුටු සුසුම්, මුතු වරුසා ආදී ජනප්‍රිය ගීත රැසක් ඇය විසින් ගායනා කරන ලදී.
අවුරුදු හතළිස් හතකට අධික කාලයක් අපේ රටේ විශ්වවිද්‍යාල දරුවන්ට ඉගැන්වූ මේ පරමාදර්ශී මහදැරුවරියට විජය ළමා පුවත්පතේ සාහිතය සංවේගය ප්‍රකාශ කරමු.
මහ රෑ යාමේ, සපුමල් සුවඳක් සේ, එක කිරුළක් පළදින්නට බෑ, චාමර පවන් සලා, ආදර සතුටු සුසුම්, මුතු වරුසා ආදී ජනප්‍රිය ගීත රැසක් ඇය විසින් ගායනා කරන ලදී.
හෙට(18) දහවල් 12ට නාවල කොළඹගේ මාවතේ කුයින්ස් රේසිඩන්ස් පටුමග නිවසින් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය දක්වා දේහය රැගනයන අතර එම පරිශ්‍රයේ ප.ව 1 සිට සවස 3 දක්වා අවසන් ගෞරවය සඳහා තැන් පත් කර තැබෙනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments