Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔහු අපූරු මුදු සිනහවක් දෙතොලතර තබා ගෙන රූපවාහිනී තිරයෙන් අපට සමීප විය. මුළු රටක් නින්ද නැතිව නවයයි පහට ඇහැරවා තබන්නට ඔහු සමත් විය.  හිත ළඟට ඔහු ආවේ කෙසේදැයි කිසිවකුට සිතන්නට බැරි නමුත් ඔහු කාගේත් සිත ළඟට රූපවාහිනී තිරය අස්සෙන් රිංගුවේය. හේ නමින් හේම නලින් කරුණාරත්නය.

මාධ්‍ය තාක්ෂණය මනුෂ්‍යයාගේ සිතිවිලි සංතෘප්තියට පත් කරන්නට කෙසේ යොදා ගත හැකි දැයි අත් හදා බලන්නට අවශ්‍ය නැවුම් චින්තනයක් හේම නලින් සතු වූ බවට කිසිදු විවාදයක් නැත. ඔහු රූපවාහිනී තාරකාවක් නොවේ. එහෙත් තාරකාවකට ලබන්නට බැරි තරම් ග්‍රාහක ප්‍රසාදයක් දිනා ගන්නට හේම නලින්ට හැකි විය.

උරුමය රූපවාහිනී නාලිකාව ඔහුටම සුවිශේෂ වූ සමාජ කතිකාවක් නිර්මාණය කරන්නට ඔහු යොදා ගත් වාහනයයි. එහි නැග ගමන් කළෝ කවුරුද? පාසල් දූ දරුවෝද, තරුණ තරුණියෝද, වැඩිහිටියෝද, උගත්තුද, විදග්ධයෝද, සාමාන්‍ය ජනයාද, ගැහැනුද පිරිමිද ආදී වශයෙන් ලාංකීය ජන සමාජය හේම නලින්ගේ උරුමය වාහනයේ නැග ගමන් ගියහ. තැන නොතැන නැරඹූහ. සතා සීපාවා දැක ගත්හ. දිය ඇලි ද ගංගා ඇල දොළද රූ සිරි වින්දහ.

එමතුදු නොවේ. පාසල් සිසු දරු දැරියන්ගේ මාධ්‍ය පිපාසයට දිය පොදක් වන්නට හේම නලින්ට හැකි විය. ඔහු පාසල් වෙත ගොස් මාධ්‍ය ඉගැන්වූයේය. මාධ්‍යයට පිවිසෙන්නට අත හිත දුන්නේය. මාධ්‍ය නිර්මාණ කරන්නට තමන්ගේ උරුමය රූපවාහිනී වාහනයේ කෑලි බෑලි යොදා ගන්නට නිස්සරණාධ්‍යාශයෙන් ඉඩ දුන්නේය.

හේම නිලින් අප හැර යන්නේ අප පමණක් නොව ඔහුද සිතූ වේලාවක නොවේ. එහෙත් ජීවිතයේ හැටි එබඳුය. ඔහුගේ වියෝව අප තුළ මහත් සංවේගයක් ඇති කරන්නේ ඔහු නොසිතූ වේලාවක සිය වාහනයේ සුක්කානම අත හැරි නිසාය. ඔහුගේ වාහනය ඉදිරියට පදවා ගෙන යන්නේ කවුරුන්දැයි අපි නොදන්නෙමු.

හේම නලින් සුහදයාණෙනි, අප හැර දමා ඔබ තනිව යන ගමනට අපි හදවතින්ම සුභ පතමු.  එහෙත් පෙරළා අපට සුබ පතන්නට ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැත. 
ඔබට නිවන් සුව ලැබැදි හිතවාතාණනි..

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.