රොක් ගායක ටොම් පෙටී දිවිය නම කරයි
- 2017-10-05 10:51:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රොක් ගායන ශිල්පියෙකු හා සංගීතඥයෙකු වූ ටොම් පෙටී මියගොස් තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 66ක් වූ අමෙරිකානු ජනතාවගේ හදවත් දිනාගත් ජනප්‍රිය ගායකයෙක් විය. කැලිෆෝනියාවේ මැලිබූ නගරයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී හෘදයා බාධයක් ඇති වීම නිසා ඔහු මියගොස් තිබේ. හෘර්දයා බාධය ඇති වූ අවස්ථාවේ දී ඔහුව රෝහල වෙත ගෙන ගියත් බේරාගත නොහැකි වූ බව පවුලේ ඥාතීන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි.
1950 වසරේ ඔක්තෝම්බර් මාසයේ 20 වැනි දා ෆෝලෝරීඩාහි ගෙයින්ස්විල්හිදී උපත ලද ටොම් පෙටී අසූව දශකයේ ලොවපුරා ජනප්‍රිය වූ ගීත අතරින් ඇමෙරිකන් ගර්ල්, බ්‍රේක් ඩවුන්, ෆ්‍රී ෆැලන්, ලර්නින් ටූ ෆ්ලයි ඇන්ඩ් රෙෆියුජි යන ගීත ඔහුගේ ගීත අතරින් රසික හදවත් තුළ ලැඟුම් ගත් ජනප්‍රිය ගීත විය. 1991 වසරේ දී එළි දැක්වූ ෆුල් මූන් ෆීවර් සහ වයිල්ඩ් ෆ්ලවර් යන ගීත ඇල්බම ලොව පුරා ජනප්‍රියත්වයට පත් වුණි.
Reply To:
Name - Reply Comment
0 Comments