Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්ගේ විශිෂ්ටතම සිනමා නිර්මාණයක් වූ 70 දශකයේ ඉමහත් ජනාදරයට පත් ‘වැලිකතර’ ප්‍රථම පුළුල් තිර වෘතාන්ත චිත්‍රපටය ඩිජිටල් තාක්ෂණයෙන් ප්‍රතිස්ථාපිතව මෙම මස 30 දා සිට යළි තිරගත කෙරේ.

කොළඹ රීගල්, ලීඩෝ ඇතුළු සී.ඊ.එල් ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමාහල් 24 දී සීමිත ප්‍රදර්ශනය සඳහා තිරගත  කෙරෙන ‘වැලිකතර’ චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිර රචනය ආචාර්ය තිස්ස අබේසේකරයන් ගෙනි.
ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සුවිනීතා අබේසේකර, දේවිකා කරුණාරත්න, පියසේන අහංගම, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, චන්ද්‍රා කලුආරච්චි, එල්සන් දිවිතුරුගම, බුද්ධි වික්‍රම, මාක් ඇන්ටනී ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රැසක් රඟපාන ‘වැලි කතර’ සෝමදාස ඇල්විටිගලගේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද, විශාරද අමරදේවයන්ගේ පසුබිම් ගායනයෙන්ද විචිත්‍රවත් වෙයි.
‘වැලි කතර’ කැමරාව, සංස්කරණය, සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ඩී.බී නිහාල්සිංහයන් ගෙනි.
ෆෝ ඉන් වන් සංසදයේ සංවිධානයෙන් ‘වැලි කතර’ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්  කෙරෙන්නේ ද වීඩියෝ ටීම් ආයතනයයි.

ලංකාදීප ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.