හා හා හරි හාවා' කාටූන් ශිල්පියා සමු ගනියි
- 2017-12-26 11:52:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
'හා හා හරි හාවා' හෙවත් 'බග්ස් බනී' 'බග්ස් බනී' ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මෙලොවින් සමුගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. මිය යන විට 99 වැනි වියේ පසු වූ ඔහු හැට වසරකට කාලයක් තම වෘත්තීය ජීවිතය තුළ දී ඩිස්නි, වෝනර්ස් බ්‍රදර්ස් සහ හැනා-බාබරා වැනි සිනමා නිෂ්පාදන සමාගම් තුළ සේවය කර තිබේ. 'ටොම් ඇන්ඩ් ජෙරී' (Tom & Jerry ) සහ 'ඩැෆී ඩක්' (Daffy Duck) ද ඔහු අතින් නිර්මාණ කාටූන් චරිත වේ.
1937 වසරේ දී ඩිස්නි සමාගමේ සේවය කළ බොබ් ගිවන්ස් 'ඩොනල්ඩ් ඩක්' (Donald Duck) සහ 'ස්නෝ වයිට්' (Snow White) යන කාටූන් චරිත සම්බන්ධයෙන් පළමුව කටයුතු කළේය. 1940 වසරේ දී වොනර්ස් බ්‍රදර්ස් සමාගමට එක් වූ ඔහු 'බග්ස් බනී' චරිතය ප්‍රතිනිර්මාණය කිරීමත් සමග ප්‍රසිද්ධියක් දිනා ගත්තේය.
'හා හා හරි හාවා' හෙවත් 'බග්ස් බනී' (Bugs Bunny) ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසකගේ කුඩා අවදියේ ජනප්‍රියතම කාටූන් චරිතයකි.
කාටුන් සිතුවම් - අන්තාර්ජාලයෙනි
ලංකාවේ ජනප්‍රිය වූ හා හා හිරි හාවා -( ජාතික රූපවාහිනිය)
Reply To:
Name - Reply Comment
0 Comments