Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලාංකීය නර්තන කලාව ජාත්‍යන්තර තලයට ගෙනගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනී වජිරා චිත්‍රසේන මහත්මියට සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට මහඟු මෙහෙවරක් ඉටුකළ මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියට ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානය පරිනැමීමට එරට රජය තීරණය කර ඇත.

ආචාර්ය වජිරා චිත්‍රසේන සහ නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක සිය ක්‍ෂේත්‍රයන් වෙනුවෙන් ලබාදුන් පුරෝගාමී දායකත්වය සහ ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් එම සම්මානය පිරිනැමීමට තීරණය කර ඇත.

පද්ම ශ්‍රී සම්මානය ඉන්දියා රජයෙන් එරට සිවිල් වැසියන්ට පිරිනැමෙන සිවුවැනි ඉහළම සම්මානය වන අතර ඒ සඳහා සුදුස්සන් තෝරා ගනු ලබන්නේ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරනු ලබන කමිටුවක නිර්දේශ මතය.

වජිරා චිත්‍රසේන මහත්මිය ශ්‍රී ලාංකික නර්තන ක්‍ෂේත්‍රයේ ජීවමාන  පුරාවෘත්තයක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙස ද සැලකේ. ඇය උඩරට නර්තන ශිල්පය සිය පූර්ණ කාලීන වෘත්තිය කරගත් ප්‍රථම සිංහල කාන්තාව ද වේ. ආචාර්ය වජිරා චිත්‍රසේන  මහත්මියගේ කලා ක්‍ෂේත්‍රයේ ගමන දශක හයකට අධික වේ. මේ වන විට 87 වැනි වියෙහි පසුවන ඇය චිත්‍රසේන - වජිරා නර්තන පදනමේ විදුහල්පතිනිය ද වේ. ඇය අග්‍රගණ්‍ය මුද්‍රා නාට්‍ය ශිල්පියකු වූ අභාවප්‍රාප්ත චිත්‍රසේනයන්ගේ ආදරණීය  භාර්යාව වේ.

ඇය ඉන්දියාවේ, රුසියාවේ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ නර්තන ඉගැනුම් ක්‍රමවේද පිළිබඳ පර්යේෂණ කරන ලද ගුරුවරියකි.

නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනයන් වෙත හඳුන්වා දීමට සහ ප්‍රවර්ධනය කිරීමට පුරෝගාමීව කටයුතු කළ අයෙකි. 1975 වසරේ දී නාග්පූර්හි පැවැති හින්දි සම්මේලනය සඳහා ද ඇය සහභාගි වූවාය.

1995 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි දෙපාර්තමේන්තුව යළි පිහිටුවීම සඳහා ඇය පුරෝගාමීව කටයුතු කළාය. මූලික වශයෙන්ම ඇයගේ ප්‍රයත්නයන් හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ හින්දි භාෂා අධ්‍යයනය සඳහා පවතින විශාලතම මධ්‍යස්ථානය බවට පත්ව තිබේ.

එම උත්සවය හේතුවෙන් ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල හයකට අමතරව විවිධ ආයතන සහ පාසල් 80කට අධික සංඛ්‍යාවක හින්දි භාෂාව උගන්වනු ලැබේ.

මහාචාර්ය දසනායක මහත්මිය 2007 වසරේ දෙසැම්බර් මස 18 වැනි දින නවදිල්ලියේ පැවති ලෝක හින්දි සම්මේලනයේ දී 2005 වසර සඳහා පිරිනමනු ලබන ආචාර්ය ජෝර්ජ් ග්‍රියසන් හින්දි සේවි සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. මහාචාර්ය දසනායක මහත්මිය ඉකුත් සැප්තැම්බර් මාසයේ දී අභාවප්‍රාප්ත වූවාය.

අග්‍රගණ්‍ය සංගීතවේදී පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ද මීට ඉහත දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.