ලබුදූවෙන් නව වී ප්‍රභේදයක්
- 2020-01-12 17:02:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් එල්.ඩී 253 නැමති දින 88ක නව වී ප්‍රභේදයක් හඳුන්වා දී ඇති බව ලබුදූව වි පර්යේෂණ ආයතනයේ ස්ථානභාර නිලධාරි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක මොනිකා මිල්ලවිතානාච්චි මහත්මිය පැවසුවාය.
මෙකී වි ප්‍රභේදය දින 88 ක කෙටිකාලින සුදු දිගැටි වි ප්‍රභේදයක් බවත් ගුණාත්මක වශයෙන් ඉහළ සහල් ප්‍රමාණයක් ලබාගත හැකි වී ප්‍රභේදයක් බවද සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය පවසන්නිය.
මෙම වී ප්‍රභේය වියළි කලාපයේ ගොවීන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති බවද ඇය කිවාය.
වී ප්‍රභේදයෙන් අක්කරයට බුසල් 60 -80ක් විතර අස්වැන්නක් ලබාගත හැකි අතර වියළි කලාපයේ දි අක්කරයට බුසල් 100ක පමණ අස්වැන්නක් ලබා ගැනීමේ අවස්ථාව තිබේ.
ජලය අඩු හා කන්නය ප්‍රමාදවීම හේතුවෙන් මගහැරුණු කුඹුරුවල වගා කිරිම සඳහා එල්.ඩි 253 නැමති වී ප්‍රභේදය යොදා ගැනීමට අවස්ථාව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments