අපේ පාසලේ පුස්තකාලය
- 2019-08-15 11:21:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසලකට ආභරණයක්, ආලෝකයක් ලෙස පුස්තකාලය දැක්විය හැකි ය. පාසලක පුස්තකාලය ඉතා වැදගත් වන්නේ අධ්‍යාපනයට හා ඉගෙනීමට යි. පුස්තකාලයක් ස්වයං අධ්‍යාපනයට බෙහෙවින් දායක වෙයි. පුස්තකාලය නිවැරුදි පරිහරණයකින් තොරව යහපත් ඉගෙනුම් ක්‍රියාවලියක් ගෙන යා නොහැකි ය. පුස්තකාලය ශිෂ්‍යයන්ගේ දැනුම දියුණු කිරීමට බෙහෙවින් උපකාරි වෙයි. පාසල් කාල සීමාව තුළ දී ගත කරන සීමිත කාල සීමාවෙන් නිදහස් කාල ච්ඡේද වලදි පුස්තකාලයේ ගත කළ හැකි ය.
අපි පුස්තකාලයට ගිය විට නිශ්ශබ්දව සිටිය යුතු වෙමු. අප පාසල් පුස්තකාලයේ ඇති පොත් පත් මිලදී ගැනිමට ළමුන්ට හැකියාවක් නොමැත. එම නිසා පාසල් පුස්තකාලය බෙහෙවින් වැදගත් වේ. අංග සම්පූර්ණ වූ අප පාසලට ඉතා හොඳ පුස්තකාලයක් ඇත. එය තට්ටු දෙකකින් සමන්විත වේ. එහි සියලුම පොත් අකාරාදි පිළිවෙළින් අසුරා ඇත. පොත් ඇසිරිම හා රාක්කවල ගබඩා කිරීම විධිමත් පිළිවෙළකට කර ඇති බව ද පෙනේ. මෙය පහසුවකි. සති අන්ත පුවත්පත් හා දිනපතා පුවත්පත් සමූහයක් ද අප පුස්තකාලයේ ඇත.
නෙත්මි මහේෂිකා
7 ශ්‍රේණිය,කු/පොතුබෝව මහා විද්‍යාලය, මාවතගම.
Reply To:
Name - Reply Comment
0 Comments