අලින් ගැන රසකතා
- 2018-01-09 10:47:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔවුන් ජලයට, පිහිනන්නට දිය රුළි සමග සෙල්ලම් කරන්නට බොහෝම කැමතියි. ජලයේ ඉපිළෙන ගතිය නිසා ඔවුන්ගේ සිරැරේ සන්ධිවලටත් හොඳයිලු. වරකට එක පැටවයි. නිවුන් පැටවු ලැබෙන එක හරීම දුර්ලභයිලු. අලියාගේ හොඬවැල ඉතාම විශාලයි. පවුම් 400 ක් පමණ බරයි කියලා ඔබ දන්නවාද ?
හාල් ඇටයක් වැනි කුඩා දෙයක් පවා හොඬවැලෙන් අහුලා ගන්න අලියන්ට හැකියි. අලියාගේ සම කොතෙක් සංවේදීද කිව්වොතින් මැස්සෙක් වැහුවත් දැනෙනවාලු. ඉපදී සුළුම මොහොතින් අලුත උපන් පැටවාට සිට ගැනීමට පුළුවනි. මොවුන්ට ඉතාම හොඳ මතක ශක්තියක් තිබෙනවා. වැඩිම කාලයක් පැටවුන් තම කුස තුළ තබාගන්නා සත්වයා තමයි කෙනර. ඒ මාස 22 ක්. අලියා ගොඩබිම විශාලම සතා වුණාට නිල් තල්මසාගේ විශාලත්වය බලන විට අලියා කුරැමිට්ටෙකු ගාණයි. එක් නිල් තල්මසකුගේ දිව අලියෙකු එනම් වැඩුණු අලියකුගේ බරට සමයි. එවිට මිනිසුන් ගැන අපට හිතාගන්න පුළුවන් නේද ? අලියාට කැඩපතින් තමාව හඳුනාගත හැකියි. අලියන්ට තම ආදරණීයන් ගැන බොහෝම මතකයි. දුක වේදනාව අපට වගේම අලියන්ට දැනෙන බව අහන්නත් පුදුමයි.
ගයංගි තිශාක්‍යා මාරසිංහ
9 වැනි ශ්‍රේණිය,
මිනු/ ජනාධිපති විද්‍යාලය,
මිනුවන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments