අලුත් වෙන අලුත් අවුරැද්ද
- 2018-05-10 16:01:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගම්මානය පුරා පැතිරී යන කොහෝ කොහෝ හඬින් අලුත් අවුරැද්ද පිළිබඳ පණිවුඩය අප වෙත දන්වන්නේ කොවුලාය. අප්‍රියෙල් මාසය අලුත් අවුරැදු සමයයි. එය බක්මහ නමින් ද හැඳින්වේ. සූර්යයා පුරා දින තුන්සිය හැටපහක්ම රාශි 12 වටා ගමන් කර මීන රාශියේ සිට මේෂ රාශිය වෙත පැමිණීම අලුත් අවුරැදු ආරම්භයයි. ඒ අනුව වැඩිටිහියෝ නොනගතය ලෙස සලකන නැකත නොමැති වේලාවේ දී පුණ්‍ය කටයුතු සඳහා යොදාගනිති. අනතුරැව ලබන්නා වූ සුබ නැකතින්, ළිපගිනි මොළවා නැවුම් වළංවල කිරිබත් පිළියෙලළ කර සුබ නැකතකින් ආහාර අනුභවය හා ගනුදෙනු කිරීම අරඹයි. සියලු සිරිත් විරිත් අතර ප්‍රධාන වන්නේ වැඩිහිටියන්ට බුලත් දී වැඳ සියලු අමනාපකම් දුරැකර සමගි සම්පන්නව සිටීමයි
ගම්මානය පුරා එරබදු මල් රත් පැහැයෙන් නැළවෙන්නේ අවුරැදු අසිරිය විහිදමිනි. ඈතින් ඈතට ඇසෙන රබන් සුරල් හඬ කෙතරම් මිහිරිද ? නෑදැයෝ අලුත් බවකින් පිරී ගිය සතුටින් යුතුව නෑගම් යති. අපිට රිසි සේ විනෝද විය හැකිය.
සාරංග කවිඳු මදුසංඛ
9 වැනි ශ්‍රේණිය,
ශ්‍රී රාජසිංහ ජාතික පාසල,
කොටිකාවත්ත.
Reply To:
Name - Reply Comment
0 Comments