ආදර තාත්තා
- 2018-10-22 12:59:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්මා හැරැණු විට මා ඉපදුණු දා සිට මගේ සැපදුක් සොයා බලා මා හැමවිටම සතුටින් තැබීමට උත්සාහ කළේ මගේ ආදරණීය පියාණන් ය. දිවා රූ නොබලා දහදිය වගුරා දුක් මහන්සි වන්නේ අපව සතුටින් තැබිය යුතු නිසාවෙනි. බොහෝ දුක් ගැහැට මැද ඔහු මාගේ සියලු අවශ්‍යතා සපුරා දුන්නේ ය. ඔහු මට සෙනෙහසෙ නොපෙන්නුවාට ඔහු හද තුළ මා කෙරෙහි ඇති සෙනෙහස මම දනිමි. දුක් විඳිමින් අප පාසලට පන්තියට යවන්නේ අපට හොඳින් ඉගැන්විය යුතු නිසා ය. ඔහු නොකා අපට කවන්නේ අපේකුසගිනි නැති කිරීමට ය.
අප ඉඳහිට වැරදි කරන විට අපේ පියා දඬුවම් කරයි. අපි එවිට ඔහු සමග වෛර බැඳීම නොකළ යුතු ය. ඔහු අපට දඬුවම් කරනුයේ අපේ වැරදි නිවැරදි කිරීමට ය. අපි හැමදාමත් අපේ පියවරැන්ට ආදරය කරමු. රුකගනිමු.
ඉඳුමිණි ගිම්හාරා
7 ශ්‍රේණිය,
මහාමාත්‍ය විද්‍යාලය, අතුරැගිරිය.
Reply To:
Name - Reply Comment
0 Comments