ඇත් පැටියා දුටු දළදා පෙරහර
- 2019-01-07 13:55:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිරි මුට්ටියක් වගේ දිලිසි දිලිසි ඇසළ සඳ ගස්වලට උඩින් හිනාවෙනවා. ඒ හඳ එළියේ උඩ පනිමින් පුංචි අපි සෙල්ලම් කළා. ඒත් අප්පච්චියි අනිත් අයයි සිටියේ ලොකු කතාවක. එයාලා කතා කළේ ළඟ එන දළදා පෙරහර ගැන. දළදා පෙරහර මතක් වෙද්දිත් මට නම් හරිම සතුටුයි. ගිය පාර අප්පච්චිත් එක්ක මාත් පෙරහරේ ගියා. පාට පාට විදුලිබුබුළු දාපු ලස්සනම ලස්සන ඇඳුමක් මට ඇන්දෙවුවා. අප්පච්චි, චූටිමාමා, බාප්පා, ලොකුඅයියා හැමෝම ලස්සන ඇඳුම් ඇඳලා. නැඳුන්ගමුවේ ලොකු අප්පච්චි වඩම්මන්නේ ධාතු කරඬුවයි. එයා ලස්සන ඇඳුමක් ඇඳලා ආඩම්බරයෙන් හිටියා. ඔක්කොම අපේ අය හැත්තෑවක් විතර හිටියා. රවුමට කැරකි කැරකි ගිනිබෝල , සද්දෙට පුපුරන කස, නැටුම් කණ්ඩායම් හරිම ලස්සනයි. බෙර හඬේ තාලයට මටත් ඉබේටම වගේ නැටවුණා. පෙරහරේ ගිය අපි ආපහු ගෙදර යන්න ආවේ හරිම ආඩම්බරයෙන්. මේ අවුරැද්දෙත් පෙරහරේ යන්න මට පුළුවන්. කවදහරි මමත් නැඳුන්ගමුවේ ලොකු අප්පච්චි වගේ දළදා කරඬුව වඩම්මනවාමයි.
රවිඳු යසස්
3 ශ්‍රේණිය,
මප/දෙනු/ ගංගොඩ ප්‍රාථමික විද්‍යාලය,
ගංගොඩ, පිළිමතලාව.
Reply To:
Name - Reply Comment
0 Comments