උගත මනා ශිල්පයමයි මතු රුකෙනා
- 2018-01-09 10:37:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉගෙනීම යනු පාසලේදී පොතපතින් ඉගෙන ගන්නා විෂය ධාරාව පමණක් නොවේ. මෙලොව උපත ලබන්නා වූ සෑම කෙනෙකුටම බොහෝ දේ ඉගෙන ගැනීමට සිදුවේ. ඉගෙනීම ඉතාම අවශ්‍යය. උපන් දා සිට මරණය දක්වාම මිනිසා ඉගෙන ගනියි. ලෝකය දිනෙන් දින වෙනස් වෙයි. ඒ අනුව අපේ ජීවන රටාවද වෙනස් කළ යුතු වේ. ලෝකයේ සිදුවන විවිධ වෙනස්කම් අපට ජනමාධ්‍යයන්ගෙන් ද පොත්පත් හා සඟරාවලින් ද ඉගෙන ගත හැකියි. සත්පුරැෂයන්ගේ ආශ්‍රයෙන් ද අපට බොහෝ දේ ඉගෙන ගත හැක.
මිනිසාට නොයෙකුත් සහජ දක්ෂතාද ඇත. ඒවා හැඩගස්වා ගැනීමටත් ඔප නැංවීමටත් අධ්‍යාපනය අවශ්‍ය වේ. විෂයගාමී අධ්‍යාපනය පාසලෙන් ලබන ශිෂ්‍යයා තම ජීවිතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය බාහිර දැනුම ලබා ගන්නේ සමාජය තුළිනි. සමාජයට හොඳ බුද්ධිමත් පුරවැසියෙකු වීමට මෙම පූර්ණ අධ්‍යාපනය අවශ්‍ය වේ. බුද්ධිමතුන් බිහිවනුයේ විධිමත් හා අවිධිමත් අධ්‍යාපනයෙනි. කොතරම් ධනය තිබුණද බලය තිබුණද පූර්ණ අධ්‍යාපනයක් ලබා නැත්නම් එම ධනය හා බලය නියම ආකාරයෙන් පාලනය කරගත නොහැක. ධනයෙන් බලයෙන් ප්‍රයෝජනයක් නොවේ. නිසි අධ්‍යාපනයක් නොලැබුණොත් සමාජයේ අතරමංවීමට සිදුවේ. දහසක් අගහිඟකම් මැද වුවද අධ්‍යාපනය ලද හොත් එය අනාගත අභිවෘද්ධියට හේතු වේ.
මෙතුලි අලගියවන්න
8 වැනි ශ්‍රේණිය,
ගුණෝදය මහා විද්‍යාලය,
කළුතර.
Reply To:
Name - Reply Comment
0 Comments