ඍතු බෙදෙන හැටි
- 2019-04-23 17:56:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපගේ රටට බලපෑමක් නැති වුවද ලෝකයේ බොහෝ රටවල ඍතු භේදය පවතී. ඒවා නම් සිසිර, වසන්ත, ගිම්හාන හා සරත් ය. සිසිර ඍතුව යනු සීත කාලය වේ. මේ කාලයේ දී සෑම තැනම හිමවලින් වැසී යයි. සමහර අවස්ථාවල දී හිම කුණාටු ද ඇති වේ. මේ කාලයේ දී මිනිසුන් විසින් උණුසුම් ඇඳුම් භාවිත කරනු දක්නට ලැබේ.
වසන්ත සෘතුව යනු ඉතා සෞම්‍ය කාලය වේ. මේ කාලයේ දී සූර්ය ආලෝකය උණුසුම අඩු ය. ගස්වැල් හරිත වර්ණයෙන් දලුලයි. ගස්වැල්වල මල් හට ගනියි.
ගිම්හාන සෘතුව යනු ග්‍රීෂ්‍ම කාලයයි. මේ කාලයේ දී සූර්යාලෝකය ඉතා තද ය. දිවා කාලය ඉතාදිගු වන අතර රාත්‍රි කාලය ඉතා කෙටි වේ. මෙම කාලයේ දී එම දේශගුණය පවතින රටවල ජනයා සැහැල්ලු ඇඳුම් අඳිනු දැකිය හැකි ය.
සරත් ඍතුව යනු ශාකවල පත්‍ර හැලී සිසිර ඍතුවට සූදානම් වන කාලයයි. මෙම කාලයේ ශාක පත්‍ර රතු, දුඹුරැ පැහැ වී හැලී යයි. මිනිසුන් ඉදිරි කාලයේ දී ඇතිවන සිසිර ඍතුව සඳහා සූදානම් වෙයි. සත්තු ද සිසිර ඍතුව ගත කිරීම සඳහා සූදානම් වෙති. ආහාර හා වාසස්ථාන සකසා ගනිති. මේ දිනවල දිවා කාලය ඉතා කෙටි වන අතර රාත්‍රි කාලය ඉතා දිගු වේ.
කුලනිමා වික්‍රමසිංහ
5 ශ්‍රේණිය,
කු/මලියදේව ආදර්ශ මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments