Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔයාලා හැමෝටම සුබ නත්තලක් ක්‍රිස්ටිනා ගේ ඇතුළට ආවේ එසේ කියමින්. ඒත් ගේ ඇතුළෙන් නම් ඇසුණේ කැරොල් ගීත හඬකුයි ක්‍රිස්ටිනාගේ බලු පැටියා ටොමීගේ හඬයි විතරයි. ඇය ඈත පළාතක අධ්‍යාපනය ලබන්න ගිහිල්ලා මාස තුනකට පසුවයි නිවෙසට පැමිණියේ. එහෙම එකේ කිසිවෙක් තමන්ව පිළිගන්න දොර අබියස නොසිටීම පිළිබඳව ඇගේ හිතේ ඇතිවුණේ කෝපය මුසු විස්මයක්. මෙතෙක් වෙලා තමන්ගේ කකුලේ දැවටෙමින් සිටි ටොමීව තම සුරතට ගත් ක්‍රිස්ටිනා දොර ඇරගෙන ඉස්තාලයට ඇතුළුවුණාය.
 ඇගේ මවත්, මිත්තණියත් , සීයත්, පුංචි ළමයින් කිහිපදෙනෙකුත් සමග මිහිරියට ගයන කැරොල් හඬ ඇගේ කණේ වැකුණේඑතකොටයි. ඇගේ මව ඉතා කන්කලු ලෙස පියානෝ වාදනය කළාය. තවත් සුළු මොහොතකින් ක්‍රිස්ටිනාත් මේ ප්‍රීති සාදයට එක්වුණාය. ක්‍රිස්ටිනාගේ පවුලේ අය එකතුවෙලා අර පුංචි ළමයින්ට තෑගිත් දුන්නෝය. ඇයට මහත් සතුටක් දැනුණි. මම ගත කරපු හොඳම නත්තල තමයි මේක. එදින රාත්‍රියේ නින්දට යන්නට ඇඳේ වැතිරැණූ ඇයට එසේ සිතුණි. 

නයනි නෙත්මිණි නයනතාරා 
10 ශ්‍රේණිය, ආර්.ජී.සේනානායක මහ විදුහල, නාරම්මල. 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.